IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළට

ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මෙසේ ඉහළ දැමෙන බව කියුබානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට සිදුවුණු බවත්, ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවත් කියුබානු රජය එරට ජනතාවට පැහැදිලි කර තිබේ.

මිලියන 11ක ජනගහනයක් වෙසෙන, ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්වුණු කියුබාව, 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බව ජගත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

කියුබාවේ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමෙන්, උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (12)

කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළට

Lal Wednesday, 10 January 2024 12:21 PM

මේ ජෙප්පන්ගේ මව් රට නේද ?... රතු තරුව යවමුද උදව් කරන්න..

:       46       41

මැක්ස් Wednesday, 10 January 2024 12:26 PM

ජාජබ වන්දනාකරුවන් මෙවැනි පුවත් කියවා තම සමාජවාදී සිහින අත් හැර දැමිය යුතු නොවේ...!

:       31       30

duminda Wednesday, 10 January 2024 12:27 PM

ඔන්න IMF, ලෝක බැංකු වලට වඩා...!

:       6       18

Aravinda Monarawila Wednesday, 10 January 2024 12:55 PM

රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ කට්ටියට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පේන්නේ නැහැ. කස්ත්‍රෝෙග් ඇහේ තියෙන රොඩ්ඩ ගැන හොයන්න දඟලනවා ඇරෙන්න.

:       25       22

එරංග Wednesday, 10 January 2024 01:11 PM

ෆිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ ඇතුළු එම පවුලේ සාමාජිකයින් විසින් කියුබාව ආර්ථික වශයෙන් වනසා දැමු බවට ජේවීපී පන්නයේ තියරියක් හදන්න බැරිද? මෙහේ ඉන්න ආර්ථික ඔස්තාර්ලාට...?

:       6       22

ravin Wednesday, 10 January 2024 01:29 PM

තිත්ත ඇත්තනම් මොන ආර්ථික සම්බාධක තිබුණත් ස්වධෛර්යයෙන් නැගුණු රටකට ඊනියා සංවර්ධනය දෙසට නැඹුරු වීමේ ප්‍රතිඵලයක්... 1960 හා 1970 දශකයේ හා අද ශ්‍රී ලංකාව..?

:       1       10

මෙලි Wednesday, 10 January 2024 01:39 PM

කියුබාව දෙස බලන්න කියලා මේ මෑතකදී කවුදෝ ජේවීපී පඬි රුවනක් කියනවා වගේ මතකයි. මොනර විලාසයෙන් රඟන පනිට්ටු ජෙප්පන්ට කෙසේවෙතත් සාමාන්‍ය මිනිසුන්ට නම් ඒ විහිළු මතකයි...!

:       10       26

Kazi Shajahan Wednesday, 10 January 2024 02:01 PM

රනිල් වැඩිකළ 300%, බලන්න රනිල් කොච්චර හොඳ නායකයෙක්ද කියලා...?

:       9       11

චන්දන Wednesday, 10 January 2024 02:56 PM

ඔන්න කාංචනට හොඳ මාර්‍තෘකාවක් ලැබුණා. උඩ පැන පැන තලන්න..

:       4       8

Chamila Fernando Wednesday, 10 January 2024 03:04 PM

අපි දේශපාලන පක්ෂවලට මඩ ගගහා ඉමු. අපි දන්නේ නැහැ අපේ කොච්චර ගුණයකින් මිල වැඩිවෙලාද කියලා. අපේ රට වේගයෙන් දූශිත අප්‍රිකානු රටක් බවට පත්වේගෙන එන්නේ... අපි හැමෝම එකතුවෙලා ඒ අවධානම අඳුනාගෙන එය නවත්වන්නට හරියට ඡන්දය භාවිතා කළයුතුයි. නැත්නම් අපිටත් කියුබාව වෙන්න වැඩිකල් ගතවෙන්නේ නෑ...!

:       4       10

Bamunuarachchi Thursday, 11 January 2024 04:45 AM

ඕවා කියන්න එපා ජෙප්පන්ගේ හිත් රිදෙනවා. ජෙප්පෝ ලංකාවත් තවත් කුබාවක් කරන්න හදන්නේ?

:       0       1

Bunny Preena Thursday, 11 January 2024 11:33 AM

කාංචන මේක දැන ගත්තොත් මල කෙලියයි .ආයෙත් මිල නග්ගයිද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site