කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සිවුදින නිල සංචාරයක් සඳහා පෙරේදා (05) චීනයට පැමිණියේය. බීජීං නුවර පැමිණි කියුබා නායකයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට චීන ජනපති හූ ජින්තා ඕ කටයුතු යොදා තිබුණි. කියුබාවේ කි‍්‍රයාත්මක ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇගැයීමට ලක් කළ චීන ජනාධිපති හූ ජින්තා ඕ පැවැසුවේ කියුබාවට මූල්‍ය ආධාර ලබා දීමට චීන රජය කැමැත්ත පළ කළ බවය. ඒ අනුව කියුබාවේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, තාක්ෂණික දියුණුවක් ඇතිකිරීමටත් චීනයේ සහාය ලැබෙනු ඇත. කොමියුනිස්ට් නායකයන් දෙදෙනකු වන චීන ජනපති සහ කියුබා නායකයා අතර හමුව ඉතා සුහදශීලී එකක් වූ බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි. මීට අමතරව දේශපාලනික වශයෙන් සබඳතා ශක්තිමත් කර ගැනීමට ද නායකයෝ දෙදෙන සමත් වූහ. ”කියුබාවත් චීනයත් අතර ද්වීපාර්වික සබඳතා පසුගිය වසරවලදී දියුණු වීම ගැන මා සතුටු වෙනවා. කියුබාවේ සිදුවන සංවර්ධන කටයුතුවලට දායක වෙන්න චීන රජය සූදානම්” යැයි කියුබා නායකයා හමුවීමෙන් පසු කෙටි මාධ්‍ය හමුවක් පවත්වමින් චීන ජනපතිවරයා ප‍්‍රකාශ කළේය. ෆිදෙල් කස්ත්‍රෝගේ සොහොයුරා වන රාවුල් කස්ත්‍රෝ කියුබාවේ ජනපති ලෙස වැඩ බාර ගත්තේ මීට වසර කිහිපයකට පෙර අයපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෆිදෙල් කස්ත්‍රෝ ජනපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. රාවුල් කස්ත්‍රෝ (වමේ) චීන ජනපති සමඟ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්රී ලංකා වා
කියුබා ජනපති චීනයේ සංචාරයක
ශාන් Sunday, 08 July 2012 04:47 AM
රාවුල් කියන්නේ පිදල් කස්ත්‍රොගේ සොහොයුරා වගේම චේගුවේරාගෙ හොදම යාලුවෙක්.. මොවුන් සියලුම දෙනා එකට එකතුවෙලා තමයි කියුබා විප්ලවයට උර දුන්නෙ.. ඇමරිකානු ධනපතිවාදය මේ ලෝකෙ ගිල ගනිමින් යද්දි සියලුම සමාජවාදී නායකයෝ එකතුවෙනවානම් ඒක අපි වගේ පුංචි රටකට ලොකු ශක්තියක්.. රාවුල් කස්ත්‍රෝට ජය ශ්රී