කෙන්යා ජනාධිපති වරණයෙන් ජයගත් උහුරු කෙන්යාටාගේ ජයග‍්‍රහණය අභියෝගයට ලක් කරමින් නැවත ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව පවසමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අගවිනිසුරු විලි මුටුන්ගා ඊයේ(31) කියා සිටියේ කෙන්යාටාගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නා බවයි.
|
නව ජනපති උහුරු කෙන්යාටා |
ඉකුත් මාර්තු 4 වැනිදා පැවැති කෙන්යානු ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැති බවත් එහි අවසන් ප‍්‍රතිඵල විනිවිදභාවයෙන් යුක්ත නිසා කෙන්යාටාගේ ජයග‍්‍රහණය තහවුරු වන බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ කෙන්යාටා ලබන අපේ‍්‍රල් 9 වැනිදා සිය ධූරයේ දිවුරුම්දීමට නියමිතය.
අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ කෙන්යාවේ නගර කිහිපයක හටගත් ගැටුම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කෙන්යාටාගේ ජයග‍්‍රහණයත් සමඟ විපක්ෂ කි‍්‍රයාකාරීන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් මෙම නොසන්සුන් තත්ත්වයට හේතු වූ බව විදෙස් පුවත්සේවා පවසයි.
අවසන් ඡුන්ද ප‍්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ උහුරු කෙන්යාටා ය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස ජනපති ධූරයට තරග කළේ කෙන්යාවේ හිටපු අගමැති රයිලා ඔඩින්ගාය.
ජනාධිපතිවරණයේදී නොයෙක් අක‍්‍රමිකතා සිදු වූ බව පවසමින් එම ප‍්‍රතිඵල අභියෝගයට ලක් කරමින් රයිලා ඔඞ්න්ගා ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් එකතුවී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ නැවත ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව අවධාරණය කරමිනි.
හිටපු අගමැති ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම හය දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.
ජනාධිපතිවරණ අවසන් ප‍්‍රතිඵලවලට අනුව කෙන්යාටා සියයට 50.7ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ඉදිරියට පැමිණියේය. දෙවනවර ඡුන්ද විමසීමක් පැවැත්වීමට නම් අපේක්ෂකයන් දෙදෙනාම සියයට 50ට අඩු ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුව තිබුණි.
|
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතාවල නිරත ඔඩින්ගා පාක්ෂිකයෝ |
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙන්යා ජනපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී
වරුණ Monday, 01 April 2013 01:36 PM
මම හිතුවේ මෙහෙ විතරයි කියලා. බැළුවම එහෙත් එහෙමයි.(නදී)
පෙරේරා Monday, 01 April 2013 06:22 PM
පිලි නොගත්තානම් තව දෝෂාභියෝගයක් එන්ඩ තිබුනා නේද?(නදී)