ප‍්‍රංශ/කැනඩා ජාතිකයන් බහුතරයක් වාසය කරන, කැනඩාවේ විශාලතම ප‍්‍රාන්තය වන කුබෙක්හි පසුගියදා පැවැති ප‍්‍රාන්ත මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පෝලීන් මාරියෝස් ඊයේ (5) වෙඩි ප‍්‍රහාරයකට ලක් වූවාය.
ප‍්‍රහාරයෙන් නව මහ ඇමැතිනී මාරියෝස්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ ජය සමරමින් මාරියෝස්, මොන්ති‍්‍රයාල් නුවර රඟහලේ දී ඇගේ ආධාරකරුවන් අමතමින් සිටියදීය.
රැුස්ව සිටි පිරිස අතරේ සිටි තුවක්කුකරු හදිසියේම වේදිකාව දෙසට වෙඩි තබන්න වූ අයුරු සජීවීව පුවත් නාළිකා ඔස්සේ ද විකාශය කෙරුණි.
වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ආරක්ෂක නිලධාරීන් පෝලීන් මාරියෝස් වටකරගෙන ඇය වේදිකාවෙන් පිටතට රැගෙන යද්දී පොලිස් නිලධාරීන් වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරු වෙත කඩා පැන ඇත.
වෙඩි ප‍්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙක් බරපතළ ලෙස තුවාල ලැබුවේය. තුවක්කුකරු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කොටියෙක් වෙන්න ඇති. (නි)
කොටි ත්‍රස්ත්‍රයන් බහුල ප්‍රදේශයක්..ත්‍රස්ත්‍රවාදියෙක් කියලයි මමනම් හිතන්නේ..(ස)
අපේ ත්‍රස්තවාදීන් විසින් පුහුණූ කළ ගෝලයෙක්ද දන්නේ නැහැ. (නි)