ප‍්‍රංශ/කැනඩා ජාතිකයන් බහුතරයක් වාසය කරන, කැනඩාවේ විශාලතම ප‍්‍රාන්තය වන කුබෙක්හි පසුගියදා පැවැති ප‍්‍රාන්ත මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පෝලීන් මාරියෝස් ඊයේ (5) වෙඩි ප‍්‍රහාරයකට ලක් වූවාය.
ප‍්‍රහාරයෙන් නව මහ ඇමැතිනී මාරියෝස්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ ජය සමරමින් මාරියෝස්, මොන්ති‍්‍රයාල් නුවර රඟහලේ දී ඇගේ ආධාරකරුවන් අමතමින් සිටියදීය.
රැුස්ව සිටි පිරිස අතරේ සිටි තුවක්කුකරු හදිසියේම වේදිකාව දෙසට වෙඩි තබන්න වූ අයුරු සජීවීව පුවත් නාළිකා ඔස්සේ ද විකාශය කෙරුණි.
වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ආරක්ෂක නිලධාරීන් පෝලීන් මාරියෝස් වටකරගෙන ඇය වේදිකාවෙන් පිටතට රැගෙන යද්දී පොලිස් නිලධාරීන් වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරු වෙත කඩා පැන ඇත.
වෙඩි ප‍්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙක් බරපතළ ලෙස තුවාල ලැබුවේය. තුවක්කුකරු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැනඩාවේ කුබෙක් ප‍්‍රාන්තයේ මහ ඇමැතිනියට වෙඩි ප‍්‍රහාරයක්
නිශ්ශංක Thursday, 06 September 2012 08:40 PM
අනිවාර්යයෙන්ම කොටියෙක් වෙන්න ඇති. (නි)
සිල්වා Thursday, 06 September 2012 12:57 PM
කොටි ත්‍රස්ත්‍රයන් බහුල ප්‍රදේශයක්..ත්‍රස්ත්‍රවාදියෙක් කියලයි මමනම් හිතන්නේ..(ස)
සිල්වා Thursday, 06 September 2012 07:40 PM
අපේ ත්‍රස්තවාදීන් විසින් පුහුණූ කළ ගෝලයෙක්ද දන්නේ නැහැ. (නි)