IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කැනඩා රජය ඉරානය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවයි

ඉරානය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා කරමින් එරට සමඟ සියලූම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තාවකාලිකව අත්හිටුවීමට  කැනඩා රජය පෙරේදා (8) තීරණය කළේය. ඉරාන තානාපති ඇතුළු එරට රාජ්‍ය නිලධාරීන්ට දින පහක් ඇතුළත වහාම රටින් පිටවන ලෙසටත් නියෝග කළේ යැයි කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයිඞ් පවසයි. විදේශ ඇමැතිවරයා රජය ගත් එම තීරණය මාධ්‍ය හමුවේ ප‍්‍රසිද්ධ කළේ ඇසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව නැතහොත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. ඉරානය ලොවට තර්ජනයක් වී ඇතැයි කැනඩා රජය සිතන නමුත් ඊශ‍්‍රයාලය පවසන ආකාරයට ඉරානය මට්ටු කිරීමට ප‍්‍රහාරයක් එල්ල කළ යුතුයි යන ස්ථාවරයේ හිඳිමින් කැනඩා රජය තීරණ නොගන්නා බව ද විදේශ ඇමැති ජෝන් බෙයිඞ් වැඩිදුරටත් කියා සිටී. කෙසේ නමුත් කැනඩා කොන්සවර්ටිව් රජයත් ඉරානයත් අතර මෙතෙක් කල් පැවැතියේ ඉතා දුරස්ථ වූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවකි. ඉරානයට වඩා ඉරානයේ සතුරකු වී සිටින ඊශ‍්‍රායල කැනඩා රජය සමඟ සමීපව කටයුතු කරයි. ඉරානය සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට කැනඩා රජය ගත් තීරණය ප‍්‍රශංසනීය යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ පවසා ඇත. ඉරානය මෙන්ම ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව ඉරාන ජාතිකයන්ට ඒත්තු ගැන්වීමට කැනඩාවේ එම තීරණය ඉවහල් වනු ඇතැයි ද ඊශ‍්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බව තමන් ද විශ්වාස කරන බව කැනඩා රජය වැඩිදුරටත් කියා සිටී. කෙසේ නමුත් ඉරානය තරයේ කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස කි‍්‍රයාත්මක වන බවය. එය පරමාණු බෝම්බ තැනීමට යොදා නොගන්නා බවට ඉරාන රජය සහතික වෙයි. කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලය ද එය නොපිළිගනී. ඔවුන් පවසන්නේ ඉරානය ලෝක සාමයට තර්ජනයක් කියාය. කැනඩා රජය ගත් තීරණය අසාධාරණ බවත් එම තීරණය වෙනුවෙන් කැනඩාවට වන්දි ගෙවන්න සිදුවනු ඇති බවත් ඉරානය පවසා ඇත. ඉරානය වැඩි දුරටත් පවසා ඇත්තේ කැනඩා රජය එම තීරණය ගත්තේ ඇමෙරිකාවේ රූකඩය වන ඊශ‍්‍රායලයේ බලපෑම් නිසා බවය.



අදහස් (0)

කැනඩා රජය ඉරානය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවයි

සුසිල් Tuesday, 11 September 2012 09:06 AM

ගෘහ සේවයට කියලා අරාබි රටවලට ගෙන්න ගන්න ලංකාවේ ගෑනුන්ට වධ දෙන අය තව න්‍යෂ්ටික බලයත් ගත්තොත් කොහොමට හිටීද? (නි)

:       0       0

තරුෂ Monday, 10 September 2012 06:48 PM

ඉරාකයේත් ඕව තියෙනව කියල තමයි ගැහුවෙ දැං නැතිලු මෙයාලට ලැජ්ජා නැති හැටි (දී)

:       0       0

යසස්ජිත් Tuesday, 11 September 2012 09:33 AM

මධූට ඔලුවේ අමාරුවද? සහන කාලයක් එක්ක අපිට තෙල් දුන්නේ ඉරානය තමයි. (නි)

:       0       0

ම්ධූ Tuesday, 11 September 2012 03:50 PM

සහන මිලට තෙල් ගත්ත කියලා අපිටත් සහන සලසයිද ??

:       0       0

අරුණ Monday, 10 September 2012 10:28 PM

ඉන්දියාවට වඩා ඉරානයේ ඒ මොන අපබ්බ්‍රංශයක්ද ? (ස)

:       0       0

මධු Tuesday, 11 September 2012 12:36 AM

ඉරානය ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි. (නි)

:       0       0

විජේ Tuesday, 11 September 2012 03:17 AM

මොවුන්ට අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව පුරා පැතිරවීමයි (නි)

:       0       0

වරුණ Monday, 10 September 2012 12:20 PM

බටහිරට දණ ගහන්නෙ නැති රටවල් කොහොමත් ලෝක සාමයට භාධාවක් .(ස)

:       0       0

ඩි‍යෝ Tuesday, 11 September 2012 06:25 PM

මධූ, අරන් එන්නකෝ කොස්ස. අතුගාන හැටි කියලා දෙන්නම්.(නි)

:       0       0

ලක්මාල් Tuesday, 11 September 2012 07:18 PM

මධූ,ඉරානය වගෙ රටවල්වලට පස්සෙ කුරුමානම අල්ලන්නෙ ලංකාවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 1714 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 153 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 113 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 76 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4603 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3392 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 730 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site