IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කාදිනල්හිමිවරු නව පාප්තුමකු පත්කර ගැනීමට සාකච්ඡා අරඹති

මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප‍්‍රජාව අවධානයෙන් සිටින මොහොතක නව පාප්තුමන් තෝරා ගැනීමට අදාල කි‍්‍රයාවලිය වතිකානුවේ සිටින කාදිනල්හිමිරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(4) ආරම්භ කෙරිණි.
වතිකානුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී නව පාප්තුමකු තෝරා ගැනීමේ දිනයක් තීරණය කර ගනු ඇතැයි පැවසේ. නව පාප්තුමකු තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා වයස අවුරුදු 80ට අඩු කාදිනල්හිමිවරු 115 දෙනෙක් සහභාගී වෙති.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස්ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති. පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාදිනල්හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප්තුමන් තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.



අදහස් (0)

කාදිනල්හිමිවරු නව පාප්තුමකු පත්කර ගැනීමට සාකච්ඡා අරඹති

හිරාන් Wednesday, 06 March 2013 10:23 AM

කවුරු පත්වුණත් අපේ ප්‍රශ්න නම් එහෙම්මමයි. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 05 March 2013 11:05 PM

මගේ ප්‍රාර්ථනාව ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)

:       0       0

නාලක Tuesday, 05 March 2013 08:44 AM

අපේ රටේ නියෝජනයට අපි සුබපතමු (දී)

:       0       0

උපුල් Tuesday, 05 March 2013 08:58 AM

මගේ ප්‍රාර්ථනය නව පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)

:       0       0

මේනක Wednesday, 06 March 2013 01:38 PM

මීලග පාප් වහන්සේ උතුරු ඈමරිකාවෙන් බිහිවෙයි.(නදී)

:       0       0

හිරු Tuesday, 05 March 2013 10:24 AM

මීළඟ පාප් තුමා කවුරුන් විය හැකිද (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 08:53 PM

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ වැනි කෙනෙක් නැවතත් පත්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17577 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site