IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කතෝලික පල්ලිය දුප්පතුන් වෙනුවෙන් කැප වෙන්න ඕනෑ

පාප් පදවියට පත් ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා (16) රෝමයේ වතිකානුවේදී පළමු වරට මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එම අවස්ථාවේදී පාප්තුමන් කියා සිටියේ කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව ද දුප්පතුන් වෙනුවෙන් කැප විය යුතු බවය.
එම මාධ්‍ය හමුව පැවැත් වූයේ වතිකානයේ පිහිටි ශ‍්‍රවණාගාරයේදීය. ඊට දෙස් විදෙස් මාධ්‍යවේදීහු දහස් ගණනක් සහභාගී වූහ. මාධ්‍යවේදීන් අමතමින් පාප්තුමෝ ඉකුත් සතියේ සිස්ටයින් දෙව් මැදුරේ ඡන්ද විමසුම පැවැත්වීමට පෙර සිදුවූ සිදුවීමක් විස්තර කළෝය.
‘ඡන්ද විමසුමට අප සිස්ටයින් දෙව් මැදුරට රැස් වූ විට මට මගේ මිතුරු බ‍්‍රසීලයේ කාදිනල් ක්ලෝදියෝ හුම්ස් මුණ ගැසුණා. එතුමන් කීවා තුනෙන් දෙකක බහුතරයක් සමඟින් පාප් ධුරයට පත් වීම පහසු කටයුත්තක් නොවේ කියලා’ ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පැහැදිලි කළ සේක.
වැඩි ඡුන්ද හිමිකර ගනිමින් මා පාප් ධුරයට පත් වූ අවස්ථාවේදී එතුමන් යළි මා ළඟට ආවා. එතුමන් මට කීවා දුප්පතුන් කවදාවත් අමතක කරන්න එපා. ඔවුන් වෙනුවෙන් දිගටම කැප වෙන්න කියලා’ ඒ අවස්ථාවේ තමා මට අසීසියේ ශාන්ත ෆ‍්‍රාන්සිස්ගේ නම සිහියට ආවේ. එවිටයි මා කීවේ ෆ‍්‍රාන්සිස් පෙළපත් නාමය මා ගන්නවා කියලා’ යැයි පාප්තුමෝ මාධ්‍යවේදීන්ට පැවැසූහ.
පළමු ෆ‍්‍රැන්සිස් යන පෙළපත් නාමය භාවිත කරමින් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරුව සිටි මාරියෝ ජෝර්ජ් බර්ගොග්ලියෝ කාදිනල්තුමන්ය.
බුවනෝස් අයර්ස් අගරදගුරු ලෙස කටයුතු කරද්දී පවා තමා දුප්පතුන් වෙනුවෙන් කැප වී සිටි බවත් දැන් මුළු ලෝක වාසීන් වෙනුවෙන් කැපවන බවත් පාප්තුමන් පවසද්දී රැස්ව සිටි මාධ්‍යවේදීහු ඔල්වරසන් දෙන්නට වූහ.

 



අදහස් (0)

කතෝලික පල්ලිය දුප්පතුන් වෙනුවෙන් කැප වෙන්න ඕනෑ

විජය හිමි Monday, 18 March 2013 10:07 PM

නව පාප්තුමාට දේව ආසිරි! (නි)

:       0       0

නෙතුමි Monday, 18 March 2013 02:19 PM

අනිවාර්යයෙන්ම දුප්පතුන්ට පිළිසරණ වියයුතුයි. එය හැගීමෙන්ම කළයුතුයි. (නි)

:       0       0

උපුල් Monday, 18 March 2013 05:28 PM

මම ඕන සමග එකඟයි (දී)

:       0       0

පිටිගල - මිලානෝ Monday, 18 March 2013 05:42 PM

ඔබවත් වතිකානුව පිරිසිදු කරයි කියලා අපි විශ්වාස කරනවා.(නදී)

:       0       0

උපුල් Monday, 18 March 2013 05:53 PM

උන්වහන්සේ පාප් පදවියට පත්වීමෙන් පසු පළමුවරට සඳලු තලයෙන් පිටතට පැමිණ උන්වහන්සේ කීවේ කුමක්ද දන්නවද? " මම ඔබලාට අනුකම්පා කරනවා ඔබ මේ කළ දේට " කියලා. බලන්න කොයිතරම් නිහතමානී චරිතයක්ද කියා ? (නි)

:       0       0

කොස්වත්ත Monday, 18 March 2013 02:54 PM

ඇත්ත තොරතුරු ලෝකයටම ලබාදෙන ඔබට ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

රාණි Monday, 18 March 2013 10:56 AM

මෙන්න අපේ අයට ඉගෙන ගන්නවා නම් පාඩම්. (නි)

:       0       0

ගමගේ Monday, 18 March 2013 02:59 PM

කතාව ඇත්ත (දී)

:       0       0

ඉසුරු Monday, 18 March 2013 02:59 PM

මිනිස්සු විදිහට අපේ යුතුකමක් ඒක (දී)

:       0       0

ප්‍රගීත් Monday, 18 March 2013 11:59 AM

අපි ඔබගේ දර්ශනයට ගරු කරමු. (නි)

:       0       0

නිශාන්ත Monday, 18 March 2013 12:58 PM

දුප්පතුන්ට සලකනවා කියන්නේ මහා පිනක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17515 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site