
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.
මෙම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වූ ඡායාරූපය හේතුවෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාට දොස් ඇසීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ඡායාරූපය පළවුවෙන් ප්‍රසිද්ධියට පත් වූයේ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අභාවයෙන් පසු නව පාප්වරයකු තෝරා ගැනීමට නියමිත අතර, කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් එය සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදාය. මේ බව වතිකානය තහවුරු කර ඇත.
එවැනි පසුබිමක, පාප් ධුරයට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සුදුසු යැයි පෙන්වා දෙමින් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මෙම ඡායාරූපය නිර්මාණය කර එය ප්‍රසිද්ධියට පත් කිරීම කර ඇතැයි පැවැසෙයි.
පාප්ධුරයට අපහාස වන ආකාරය ඡායාරූපයක් නිර්මාණය කිරීමට අනුබල දීම සහ එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී ඇත.
මෙම ඡායාරූපය ට්‍රම්ප් ආධාරකරුවන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ, පාප්වරයකු වීමට තමන් කැමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෝඨාභය වගේමයි...
ලංකාවට සහ ඇමෙරිකාවට නරක කලදසාවක් ලබලා තියෙන්නේ...
ආගමත් එක්ක විහිලු කරන්න ගිහින් බලන්න මෙයාට වෙන දේ