ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරන්නැයි අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා (14) සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටි කාදිනල්තුමන්ලා අමතමින් අවධාරණය කළ සේක.
පළමු ෆ‍්‍රැන්සිස් යන පෙළපත් නාමය භාවිත කරමින් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරුව සිටි මාරියෝ ජෝර්ජ්
|
පාප්තුමන් ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පළමු දේවමෙහෙයට එක්වූ අවස්ථාව |
බර්ගොග්ලියෝය.
ලෝක සාමය, සම ලිංගික විවාහ, මෙන්ම ළමා අපචාර හේතුවෙන් වර්තමානයේ කතෝලික සභාව අර්බුද රැසකට මුහුණ දී සිටී. නව පාප්තුමන් අවධාරණය කරන්නේ ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරන්නේ නම් එම අර්බුද මඟ හරවා ගැනීමට හැකි බවය.
එතුමන් කාදිනල්වරුන් අමතා අදහස් ප‍්‍රකාශ කළේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරෙන් පිටවී යෑමට මොහොතකට පෙරය. ලෝ පුරා විසිරී සිටින කාදිනල්හිමිවරුන් සිස්ටයින් දෙව් මැදුරට එක් රොක් වූයේ පාප්තුමා තෝරා ගැනීමට ඡන්දය ප‍්‍රකාශ කිරීමටය.
වට 14 කින් පසු මාරියෝ ජෝර්ජ් බර්ගොග්ලියෝ පාප් පදවියට පත් වුණේ ඉකුත් 13 වැනිදා ඉතාලි වේලාවෙන් රාතී‍්‍ර 7.30 ට පමණය.
266 වැනි පාප්තුමා ලෙස එම පදවියට පත් බර්ගොග්ලියෝ, උපන්නේ 1936 දෙසැම්බර් 17 වැනිදා ආජන්ටිනාවේ බූවනෝස් අයර්ස් නුවරදීය. එතුමන් පූජකවරයකු බවට පත් වූයේ 1969 වසරේදීය. රසායන විද්‍යා උපාධිධරයකු වන එතුමන් සාහිත්‍යය සහ මනෝවිද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. එතුමන් 1998 වසරේ දී බූවනෝස් අයර්ස්හි අගරදගුරු ලෙසත් 2001 වසරේ පෙබරවාරි 21 වැනිදා කාදිනල් පදවියටත් පත් කරනු ලැබුවේ දෙවැනි ජුවාන් පාවුල් පාප්තුමන් විසිනි.
2005 වසරේ 16 වැනි බෙනඩික් පාප්තුමන් තේරී පත් වූ ඡන්ද විමසුමේදී දෙවැනියට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් හිමිකර ගත් තැනැත්තා වූයේ ද මෙතුමන්ය. දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන එතුමන් චාම් දිවිපෙවෙතක් ගත කරන්නකු ලෙස ප‍්‍රකටය. තම ආහාර තමන් විසින්ම සකසා ගන්නා එතුමන් අගරදගුරු ලෙස පත් වූ අවස්ථාවේදී එතුමන්ට පිරිනැමුණු නිල සුඛෝපබෝගී නිවස සහ නිල රථය ද ප‍්‍රතික්පේෂ කර ඇත.
පෙරේදා (15) සිස්ටයින් දෙව් මැදුරෙන් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පිටවී යද්දී එතුමෝ තමන්ට ලැබුණු නිල රථය සහ ආරක්ෂාව ද ප‍්‍රතික්ෂේප කළහ. පාප්තුමන් ගමන් කළේ සෙසු කාදිනල්වරුන් ද සමඟිනි.
පාප් පදවියට භාරගෙන සිස්ටයින් දෙව් මැදුරෙන් පිටවුණු එතුමන් පළමුවෙන්ම කළේ වතිකානයට පැමිණි අවස්ථාවේ නවාතැන් ගත් හෝටලයට ගොස් එහි කාමරයක තබා තිබූ සිය ගමන්මලූ යළි රැගෙන ඒමටය.
ඒ සඳහා කෙනෙකු නොයවා තමන්ම හෝටලයට ගොස් ගමන් මලූ රැගෙන එද්දී හෝටලේ සියලූම දෙනාට ස්තුතිය පුද කිරීමට ද නව පාප්තුමන් අමතක නොකළ සේක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා හරි
මෙන්න අපේ රටේ අයටත් ඉගෙනගන්න පාඩමක්. (නි)
අපේ දූපතේ අය යුරෝපෙ කිව්ව ගමන් හිතන් ඉන්නේ බිකිනි ඇඳන් ලිංගිකත්වය විතරක් එකම ඉලක්කය කරගත් පිරිසක් ජෙවත් වෙන ප්‍රදේශයක් කියලයි. ඒත් ඒ මිනිසුන්ගේ හොඳ දේවල් කවදාවත් අපේ රටවල් වලට එන්නේ නෑ. ඒ නිසා තමයි සුද්දියෙක් දැක්ක ගමන් කටවල් දනිස්ස ගාවට ඇරන් බලන්න පුරුදුවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි, සුද්දෙක් බල්ලෙක්ට පාන් කෑල්ලක් දුන්නම පිස්සෙක් කියලා කියන්නේත්. ඉතින් පාප් තුමාට මෙහෙම කියන එක මහ දෙයක්ද? බෞද්ධායම හාමුදුරුවරුන්ට (මොන වැරැද්ද තිබ්බත්) 'ඝණයා' කියනකොට, අනෙක් ආගමිකයින් ගැන මොන කතාද? ඒ නිසා ඕවා ගැන් කියල වැඩක් නෑ. (නදී)
ලෞකික සැප සම්පත් වල ඇති නිස්සාරත්වය අපි මෙතුමාගෙන් ඉගෙන ගනිමු. (නි)
අපේ හාමුදුරුවරුනුත් මෙහෙම සැප වාහන එපා කිවුවද? අනේ මන්දා මට දැන් මුකුත් මතක නැහැනේ. (නි)
අපේ දේශපාලඥයො නම් මෙහෙම සැප දේවල් එපා කියයිද? (නි)
ඔබතුමාට අපි සුභ පතනවා
අනික හර්ෂි අපේ රටේ කට්ටිය හිතන් ඉන්නේ ඔය බටහිර සංස්කෘතිය කියන්නේ චාතොලිචා සංස්කෘතිය කියලයි. ඒක තමයි මේ අය ගිලිලා ඉන්න ලොකුම මිත්‍යාව. ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව කිව යුත්තෙමි (නි)
කරුණ, මොනවාද මෙතුමාගෙන් ඉගෙන ගන්න තියෙන්න. මෙවට කියන්නේ රඟපානව කියල. (අ)
හරින්තට කියන්න තියෙන්නේ ජේසුතුමා කුරුසියේ ඉදන් කියපු එක තමයි. ඔබ කිව්ව කතාවට , නොදැන කළ වරදට ඔබට අපි සමාව දෙනවා වගේම , අපි අනුකම්පා කරනවා කියන එකම තමයි . (නි)
ආගමික ජිවිතයක් ගත කරන්න (දී)
ඇත්ත ඕනෑම කෙනෙක් තමන්ගේ ආගමට අනුව ජිවත් වෙන්න ඕනේ (දී)
මමනම් කියන්නේ ඒ කතාව කිතුනුවන්ට හරි (දී)
මෙන්න උන්වහන්සේට ගරහපු , වැරදි කියූ පිටරැටියන්ටත් , අපේ ලංකාවේ අයටත් සිතන්න යමක් ඉතිරි කරමින් උන්වහන්සේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා සැබෑ දේව සේවකයා යනු කවරෙක්ද කියා. ඒ නිසා උන්වහන්සේට ගරහන්න එපා. සෑම නරක අයෙකු තුළම හොද ගතිගුණත් , සෑම හොද අයකු ළගම නරක ගතිගුණත් තිබෙනවා. (නි)
බලන්න ලෝකයටම කියල නායකයෙක් පත් වෙනවා නම් ඒ පාප් වහන්සේ පමණි . ජනාධිපති වරයෙක් හෝ රජ තුමෙක් ඒ රටට පමණයිනේ පත්වෙන්නේ . නමුත් ලෝකයම වෙනස් කල හැකි නායකයෙක් වන්නේ මෙම පදවියි . එම නිසා කතෝලික අප සැම නිහතමානීව ආඩම්බර වන්නෙමු . (ස)
සමත්ත කිතුනුවන්ට ඒ පුවත හොද පුවතක් (දී)
හර්ෂිගේ අදහසට මමත් එකගයි. (නි)
කිතුනුවන්ට හොද පණිවිඩයක් (දී)
හරින්ත, මේක රඟපෑමක් කියලා ඔයා කියන්නේ ලංකාවේ ඉන්න අය ඔයා කියනවා වගේ මෙහෙම රඟපෑම් කරනවද? ඔබ අදහන ආගමෙන් හෝ හැසිරෙන ධර්මයෙන් හරි දේට හරි කියන්න තරම් නිහතමානීකමක් ලැබේවායි පතමි. (නි)
ලෝක වැසි සැමටම කියපු කතාවක්ද (දී)
හරින්ත, මේක රගපෑමක් නම් ඔයාද ඒකේ අධ්‍යක්ෂකවරයා? කෙනෙක්ගේ හොද ගතිගුණයක් අගය කරන්න. කුහකකම හිතේ තියාගන්න එපා. (නි)
ජේසුස් වහන්සේ නියෝජනය කරන එකම දෘෂ්‍යමාන ක්‍රිස්තු දේහය තමයි පාප් වහන්සේ. පව් නොකල කුවුරුන් හෝ සිටිනවානම් අන් අයට ගල් ගසන්න .(නදී)
ඔබට සුභපතනවා