IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කුණුහරප කී ‘මයිනා‘ නිවාස අඩස්සියට

චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ. මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය. දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි. කරුණු සොයා බැලු සේවකයන් නොහොබිනා සංචාරනයෙකු මයිනාට මේ වදන් අනුකරණය කිරීමට උගන්වන්නට ඇතැයි සැක කරයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් ‘ඔබගේ රසාස්වාදය සදහා කුරුල්ලන්ට ඇසැබි වදන් ඉගැන්වීමෙන් වළකින්න‘ ලෙස සදහන් වන පුවරු කුරුලූ කූඩු අසල සවි කිරීමට පියවර ගෙන තිබේ. මයිනාගේ ‘නොහොබිනා ගති‘ කූඩුවේ අනෙක් සතුන්ද ඉගෙනගනු ඇතැයි බියෙන් දොරටුපාලකයා සිය සගයන්ගෙන් වෙන් කිරීමටද සේවකයන් කටයුතු කර ඇත.මයිනා ඇසැබි වදන් දොඩනා වාරයක් පාසා කෑම ලබාදීම අත්හිටුවීමටත් මයිනාට ඇසෙන සේ සුභාෂිංශන වදන් පටිගත කරන ලද පට ධාවනය කිරීමෙනුත් මයිනා ‘පුනරුත්ථාපනය‘ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.



අදහස් (0)

කුණුහරප කී ‘මයිනා‘ නිවාස අඩස්සියට

කුමාර් Thursday, 20 December 2012 07:13 PM

ජොසී 100%ක් හරි. (නි)

:       0       0

මුතු Wednesday, 19 December 2012 01:49 PM

ලංකාවෙත් ඉන්නවා මේ වගේ කුණුහරප කියන මයිනෝ .ඒ අයවත් නිවාස අඩස්සියේ තමයි තියන්න ඕනා. (ස)

:       0       0

උදයංග Wednesday, 19 December 2012 08:12 PM

ඔවු ජොසී ඒක ඇත්ත. (නි)

:       0       0

පුබුදු Thursday, 20 December 2012 10:17 AM

මධූ, එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න 90%ක්ම නිවාස අඩස්සියේ තියන්න වෙයි. (නි)

:       0       0

උපාලි Wednesday, 19 December 2012 09:26 PM

ඔය මයිනාව දෙන්න තිබුණේ ඒ භාෂාව නොතේරෙන වෙන රටකට. (නි)

:       0       0

සේනානායක Wednesday, 19 December 2012 03:22 PM

හොඳ හොඳ මයිනෝ ඉන්නේ ‍ලංකාවෙනේ (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 December 2012 09:45 PM

ජොසී, හැමදේටම පාර්ලිමේන්තුව පටළවාගන්න එපා. (නි)

:       0       0

අචිනි Thursday, 20 December 2012 11:25 AM

අයියෝ! මේඩ් ඉන් චයිනද? එහෙනම් එහෙම තමයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 04:27 PM

‍කෝට්ටේ පැත්තට ගියානම් අල්ලගන්න තිබුණා ඕනෑතරම්. (නි)

:       0       0

සරත් Thursday, 20 December 2012 10:23 PM

ජොසී හරි. (නි)

:       0       0

අප්සරා Wednesday, 19 December 2012 10:54 PM

එහෙමත් නීති තියෙනවද (දී)

:       0       0

චන්ද්‍ර Wednesday, 19 December 2012 10:54 PM

නියම දඬුවම (දී)

:       0       0

තිලක Wednesday, 19 December 2012 10:54 PM

කොහොමද කුරුල්ලට ගිය කල (දී)

:       0       0

සරත් Wednesday, 19 December 2012 10:59 PM

කැලේ රජා සිංහයාද දන්නේ නැහැ තීන්දුව දුන්නේ (දී)

:       0       0

සරා Wednesday, 19 December 2012 10:55 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

අමාධි Wednesday, 19 December 2012 11:44 AM

එලකිරි මයිනෙක්නේ (ස)

:       0       0

ලලිත් Thursday, 20 December 2012 02:28 AM

අපේ අහවල් ඇමතිතුමා වගෙයි. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 19 December 2012 06:23 PM

ඉස්සර කාලේ කොණ්ඩය බැදපු වයසක අයටත් කිවුවේ මේ නමමයි නේද? (නි)

:       0       0

ගාමිණි Thursday, 20 December 2012 04:02 AM

මට එකපාරටම හිතුණේ මයිනා අපේ පාර්ලිමේන්තුව පැත්තේවත් කරක් ගහලා ගියා ද කියලයි. (නි)

:       0       0

චන්දන Thursday, 20 December 2012 06:16 AM

අපේ පැත්තෙත් ඉන්නවා කුණුහරප කියන මයිනෙක්. ඌවත් නිවාස අඩස්සියට දෙන්න ඕනෑ. (නි)

:       0       0

ජොසී Wednesday, 19 December 2012 06:47 PM

කුණුහරප කියන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉදිද්දී ඕවා මොනවද? (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:38 PM

හොඳ වැඩේ , නැහැදිච්ච මයිනෙක් (ස)

:       0       0

අමරසිංහ Thursday, 20 December 2012 01:46 PM

මෙහේ නැද්ද කුණුහරප කියන මයිනෝ? (නි)

:       0       0

සම්පත් Thursday, 20 December 2012 08:56 AM

පූජා නගර ආශ්‍රිතවද ඔය මයිනා වැඩිපුර ගැවසෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17780 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site