චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ. මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය. දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි. කරුණු සොයා බැලු සේවකයන් නොහොබිනා සංචාරනයෙකු මයිනාට මේ වදන් අනුකරණය කිරීමට උගන්වන්නට ඇතැයි සැක කරයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් ‘ඔබගේ රසාස්වාදය සදහා කුරුල්ලන්ට ඇසැබි වදන් ඉගැන්වීමෙන් වළකින්න‘ ලෙස සදහන් වන පුවරු කුරුලූ කූඩු අසල සවි කිරීමට පියවර ගෙන තිබේ. මයිනාගේ ‘නොහොබිනා ගති‘ කූඩුවේ අනෙක් සතුන්ද ඉගෙනගනු ඇතැයි බියෙන් දොරටුපාලකයා සිය සගයන්ගෙන් වෙන් කිරීමටද සේවකයන් කටයුතු කර ඇත.මයිනා ඇසැබි වදන් දොඩනා වාරයක් පාසා කෑම ලබාදීම අත්හිටුවීමටත් මයිනාට ඇසෙන සේ සුභාෂිංශන වදන් පටිගත කරන ලද පට ධාවනය කිරීමෙනුත් මයිනා ‘පුනරුත්ථාපනය‘ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොසී 100%ක් හරි. (නි)
ලංකාවෙත් ඉන්නවා මේ වගේ කුණුහරප කියන මයිනෝ .ඒ අයවත් නිවාස අඩස්සියේ තමයි තියන්න ඕනා. (ස)
ඔවු ජොසී ඒක ඇත්ත. (නි)
මධූ, එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න 90%ක්ම නිවාස අඩස්සියේ තියන්න වෙයි. (නි)
ඔය මයිනාව දෙන්න තිබුණේ ඒ භාෂාව නොතේරෙන වෙන රටකට. (නි)
හොඳ හොඳ මයිනෝ ඉන්නේ ලංකාවෙනේ (ස)
ජොසී, හැමදේටම පාර්ලිමේන්තුව පටළවාගන්න එපා. (නි)
අයියෝ! මේඩ් ඉන් චයිනද? එහෙනම් එහෙම තමයි. (නි)
කෝට්ටේ පැත්තට ගියානම් අල්ලගන්න තිබුණා ඕනෑතරම්. (නි)
ජොසී හරි. (නි)
එහෙමත් නීති තියෙනවද (දී)
නියම දඬුවම (දී)
කොහොමද කුරුල්ලට ගිය කල (දී)
කැලේ රජා සිංහයාද දන්නේ නැහැ තීන්දුව දුන්නේ (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
එලකිරි මයිනෙක්නේ (ස)
අපේ අහවල් ඇමතිතුමා වගෙයි. (නි)
ඉස්සර කාලේ කොණ්ඩය බැදපු වයසක අයටත් කිවුවේ මේ නමමයි නේද? (නි)
මට එකපාරටම හිතුණේ මයිනා අපේ පාර්ලිමේන්තුව පැත්තේවත් කරක් ගහලා ගියා ද කියලයි. (නි)
අපේ පැත්තෙත් ඉන්නවා කුණුහරප කියන මයිනෙක්. ඌවත් නිවාස අඩස්සියට දෙන්න ඕනෑ. (නි)
කුණුහරප කියන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉදිද්දී ඕවා මොනවද? (නි)
හොඳ වැඩේ , නැහැදිච්ච මයිනෙක් (ස)
මෙහේ නැද්ද කුණුහරප කියන මයිනෝ? (නි)
පූජා නගර ආශ්‍රිතවද ඔය මයිනා වැඩිපුර ගැවසෙන්නේ? (නි)