මහත් මතභේදයට තුඩු දුන් දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද 13 ආරම්භ වූ බව ඉන්දියාව නිවේදනය කරයි
මෙම න්‍යෂ්ඨික බලාගාරයෙන් ඉදිරි දින දෙකේදි මෙගාවොට් 300 ක විදුලිය එරට ප‍්‍රධාන විදුලි පද්ධතියට එක් කරන බවද ඉදිරි සතියේ මෙගා වොට් 1000 ක විදුලිය ධාරිතාවයක් පද්ධතියට එක් කරන බවද බලධාරීහූ කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ ලොක්කන්ගේ වැරදි. මේක හදන්න පටන්ගන්නකොටම එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මේකට විරෝදය පලකළා නම් හරි. ඉන්දියාව කියන්නේ විශාල රටක්. යුරෝපයේ සහ ජපානේ න්‍යෂ්ටික බලයෙන් ඈත් වෙන්න හදනවා ඒකේ භයානකකම නිසා. චීනය , ඉන්දියාව මේවා හදනවා. මේක පිපිරුවොතින් මුළු ලංකාවටම බලපානවා (නි)
අපට ඕකෙන් විදුලි බලය ලැබෙන්නේ නෑ ඒත් සුළු වරදකින් අහල පහල පව්කරයොත් එක්කම අපටත් මැරෙන්න වෙන එකයි දුක .(නදී)
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම ගොඩක් රටවල් නවත්තල තියෙන්නේ. ඒකට හේතුව න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට යන විශාල වියදම නිසා. උදා . න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට යන වියදම බලාගාරය ගොඩනැගීමට යන වියදමින් 50% පමණ වෙනවා. මෙය නිසි අයුරින් නොකලොත් විකිරණ කාන්දුවක් සිදුවීමෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. නමුත් න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපද වීමේදී පරිසරයට මුදා හැරෙන්නේ ජල වාෂ්ප පමණි. මෙම ඉන්දියාවේ තිබෙන බලාගාරයට තාක්ෂනය සපයා තිබෙන්නේ රුසියා ආණ්ඩුවෙන්. (නදී)
විමල්, ලෝකයේ සියලුම දියුණු රටවල විදුලිය නිපදවන්නේ න්‍යෂ්ටික බලයෙන්. කොරහේ කිඹුල්ලු ඉන්නවද බලන ජාතියක් ඉන්න රටක් හැමදාම අදුරේ .... (නි)
ඕකෙන් මොනවා හරි වුනොත් අපිට කලින් මැරෙන්නේ අහල පහල ඉන්න අයයි. අන්න ඒ නිසා ඕක වහලා දාන්න (නි)
අපේ දේසපාලුවෝ නියම විදිහට මෙයට විරුද්ධ උනේ නැහැ .කිසිම නරකක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු ..නැත්නම් අපිත් ඉවරයි. (අ)
මේකේ විශාල අවදානමක් තියනවා.හිටපු විදුලිබල ඇමතිතුමා කිරිමැටි කාපු කිබුල වගේ හිටිය මේක පටන් ගන්න දවස් වල.ඕන වෙලාවට කට නැහැ. දැන් අපට ජාත්‍යන්තරව කිසිම දෙයකට බලපෑමක් කරන්න බැහැ ජත්‍යන්තර සංවර්ධන හරහා. අපේ රටේ වෙන දේවල් වල හැටියට අපේ රට ගණන් ගන්න තත්වයක නැහැ (අ)
ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ක්‍රියාත්මක වන්නේ 1975 පමණ සිට, මේ වන විට බලාගාර 6 ක්‍රියාත්මක වෙනවා. නව බලාගාර 4 ඉදිවෙමින් පවතිනවා. මේ බලාගාරය ශ්‍රී ලංකාව ආසන්නයේ ඉදිවන 2 වන බලාගාරයයි. අනෙක් බලාගාරය 1984 සිට මේ වනතෙක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මේ සම්බන්දයෙන් කිසිම රාජතාන්ත්‍රික මැදිහත් වීමක් කර නැහැ. නොබෝ දිනකින් 3 වන බලගරයකුත් ආරම්බ කරයි. ඒත් ලංකාව කිසිම දෙයක් කරන එකක් නැහැ. (නි)
එයාලට ඕනේ දේ එයාල කරනවා ..අපි මොනවා හරි කරන්න ගියොත් තමියි ...අපිට ලෙඩ දාන්නේ ...අවසර ගන්නත් ඕනි ඉන්දියයාවෙන් ..අනේ මටනම් තේරෙන්නේ නැහැ ...(අ)