IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කටාර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගින්නකට දරුවෝ 13 ක් බිලිවෙති

කටාර්හි ඩෝහා නුවර වෙළඳ සංකීර්ණයක පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පෙරේදා (28) හටගත් ගින්නකට කුඩා දරුවන් 13 දෙනකු සහ ගුරුවරියෝ සිවුදෙනෙක් බිලි වූහ. ගින්න හටගත්තේ දෝහා නගරයේ බටහිර පෙදෙසෙහි පිහිටි විලාගියෝ වෙළඳ සංකීර්ණයේය. දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එහි පළමු වැනි මහලේය. ගින්නට හසුවීමෙන් මියගිය අය අතර පිරිමි ළමයින් හය දෙනකු සහ ගැහැනු ළමයින් හත් දෙනකු සිටින බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් අතර නවසීලන්ත ජාතික තුන් නිවුන් දරුවන්ද, ස්පාඤ්ඤ ජාතික දරුවන් සිව් දෙනකු සහ ප‍්‍රංශ ජාතික දරුවන් තිදෙනකු ද සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී. දිවා සුරැකුම් ඒකකයේ සිටි ගුරුවරියන් සිවුදෙනා මියගොස් ඇත්තේ දරුවන් ගින්නෙන් ආරක්ෂා කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදීය. ඊට අමතරව ඔවුන්ගේ සහායට පැමිණි වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීහු දෙදෙනෙක් ද ගින්නට හසුවීමෙන් මියගියහ. ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම් ආඝ‍්‍රාණය වූවන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ. ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන භටයන් සහ සහන සේවකයන් කඩිනමින් වෙළෙඳ සංකීර්ණයට පැමිණ ඇත. බුර බුරා නැගෙන ගිනි දැල් සහ ඝන දුමාරය හේතුවෙන් ගිනි නිවන භටයන්ට වෙළෙඳ සංකීර්ණයට ඇතුළුවීමට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී ඇත. ගින්න හටගත් අවස්ථාවේදී දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් 20 දෙනකු සිටි බව පැවැසේ. ගිනි නිවන භටයන් දරුවන් කිහිප දෙනකු බේරා ගත්තේ වහළයේ සිට රැහැනක් දමා පහළට බැසීමෙන් යැයි ද වාර්තා වේ. නවසීලන්ත ජාතික තුන් නිවුන් දරුවන් ගින්නට හසුවීම ගැන පුවත ඇසීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බව නවසීලන්ත අගමැති ජෝන් කී පවසා ඇත. ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ රජය ද පවසා ඇත්තේ කුඩා දරුවන් ජීවිතක්ෂයට පත් වීම හද කම්පා කරවන පුවතක් වූ බවය. ගින්න හට ගෙන ඇත්තේ උදෑසන 11 ට පමණය. මහත් පරිශ‍්‍රමයකින් පසු ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට ගිනි නිවන භටයන්ට හැකිවූයේ සවස 3 ට පමණය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඩෝහා ඔටුන්න හිමි කුමරු ෂීක් තමීම් බින් හමාද් අල් තානී ඊයේ (29) කියා සිටියේ අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන බවය.



අදහස් (0)

කටාර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගින්නකට දරුවෝ 13 ක් බිලිවෙති

ශෙහාන් දිසානායක Wednesday, 30 May 2012 07:33 PM

සල්ලි තිබ්බට මොලේ නෑ.ඒකයි ගින්න නවත්තගන්න බැරි වෙලා තියෙන්නේ.

:       0       0

ෂෙරීෆ් Wednesday, 30 May 2012 08:16 PM

අපගේ බලවත් ශෝකය .

:       0       0

නිසාම් Wednesday, 30 May 2012 08:58 PM

මේක කුමන්ත්‍රණයක්

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 30 May 2012 01:41 PM

සූටික්කා හරි මාත් අවුරුදු 6 ක් කටාර් වල ඉදල තියෙනවා. අවාසනාවන්ත සිදුවීමක් ,මගේ බලවත් කණගාටුව...

:       0       0

නවීන් Thursday, 31 May 2012 05:38 AM

මේ වගේ පොඩි දරුවන් ඉන්න තැන්වල ඔයිට වඩා වැඩි ආරක්ෂාවක් සහ සැලකිල්ලක් තිබුණනම් හොඳයි..ඇත්තටම හද කම්පාකරන සිදුවීමක්

:       0       0

කරොලිස් Wednesday, 30 May 2012 10:09 AM

බොලව්නේ හදවත කීරි ගැහෙනවා...

:       0       0

සුජීව Wednesday, 30 May 2012 04:01 PM

විපතට පත් වූවන්ට මාගේ බලවත් කණගාටුව....

:       0       0

අමිල කටුනායක Wednesday, 30 May 2012 03:44 PM

හද සසල කරවන පුවත් .මෙවැනි දේ අපට අසන්නට දකින්නට නොලැබේවා...

:       0       0

දිල් Wednesday, 30 May 2012 04:37 PM

හරිම කණගාටුයි.

:       0       0

සූටික්කා Wednesday, 30 May 2012 11:11 AM

කටාර්හි "විලාජියෝ" අධි සුපිරි හා ජනප්‍රිය එසේම මනස්කාන්ත වෙළඳ සංකීර්ණයක්. බොහෝ වාරයක් මා එයට ගොස් තිබෙනවා. බඩු බාහිරාදිය මිල දී ගැනීම කෙසේ වෙතත් මෙහි දර්ශනීයත්වය විඳ ගන්නට පවා සංචාරකයන් පිවිසෙනු දැකිය හැකියි. ඕනෑම ගොඩනැගිල්ලක ආරක්ෂක තත්වය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වන කටාර් රාජ්‍යයේ මෙවැනි ඛේදජනක සිදුවීම් ඇත්තෙම නැති තරම්. කෙසේ නමුත් 19 දෙනෙකු මරුමුවට පත් කරමින් හා තවත් 2 කට බරපතල අනතුරු සිදු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානය ගිනිගෙන තිබෙනවා. අරාබි රටවලින් ආකර්ශනීයම හා මිත්‍රශීලී අරාබි ජාතීන් සිටින කටාර්හි මෙම සිදුවීම ඉතාමත් සංවේගී ජනකයි.

:       0       0

ජයන්ත Wednesday, 30 May 2012 05:58 PM

මේ ගැන වගකීම ආරක්ෂක අංශ ගන්න ඕනි.FIFA 2022 (ෆුට් බෝල්) වගේ ගේම් කටාර් වල කරන්න පුළුවන්ද?

:       0       0

දයා,saudi Wednesday, 30 May 2012 06:54 PM

ඇයි දෙයියනේ ඔවැනි සල්ලිකාර රට වලටවත් බැරිද මෙවැනි ගින්නක් නවත්වා ගන්න.මගේ පපුවත් එක්ක දනවා දෙයියනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site