කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි.
මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ.
කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී තිබේ.
මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා ඇත.
කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.
මෙම සිදුවීම් වාර්තා වූයේ සමාජ මාධ්‍යය ඔස්සේ කටාර් රාජ්‍යයට අනුකම්පා සහගත ප්‍රකාශ කිරීම වරදක් බවට එක්සත් අරාබි රාජ්‍යය සහ බහරේනය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුය.
ඒ අනුව එම වරදට වසරක 15ක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 136,000ක දඩයක් ද පනවන බව එක්සත් අරාබි රාජ්‍යය ප්‍රකාශ කළ අතර බහරේනය ඊට පස් වසරක සිර දඬුවමක් පනවන බව නිවේදනය කර ඇත.
සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ඉකුත් 5 වැනිදා කටයුතු කළේය. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවට එම රටවල් චෝදනා කළේය.
සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව මුලින්ම කටාර් රාජ්‍යය සමඟ තිබෙන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට කටයුතු කළ අතර යේමනය සහ ලිබියාවත් ඉන් අනතුරුව එම පියවර අනුගමනය කළ අතර ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දැමීමට පියවර ගත්තේය.
අල් ජසීරා ඇසුරිනි - 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම ආගම් සහ ජාතීන් සාමයට කැමතියි. ඔව්හු ත්‍රස්තවාදයට විරුද්ධ අය වෙති...
කොහොමද ඇමරිකන් වරුන්ගෙයි, ඊශ්‍රායෙල් වරුන්ගෙයි මොලේ.... අරාබි කාරයෝ එකිනෙකා කෙටෙව්වා එක සංචාරයෙන්ම... දැන් ඉතින් අරාබියේ මිනිසුන් ගහගෙන විනාශ වෙනවා. ඇමරිකාව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. සල්ලි තිබුණට වැඩක් නැහැ. මොලේ නැතුව නම්....
මම නම් සලකන්නේ සෞදියට යන්න නොලැබීම භාග්‍යයක් ලෙසයි. එය එසේ විය යුතුයි.
කටාරයට දැන් තමයි මානව හිමිකම් මතක් වෙලා තියෙන්නේ. ඔතනට යන්න පුළුවන් කමක් තිබුනේ නෑ නේද වෙන කාටවත් කොහොමටත්.... එතකොට ඒ පුද්ගලයින්ගේ මානව හිමිකම් කොහොමද තිබ්බේ?
එතකොට කටාර් වල ඉන්න අය මුස්ලිම් නෙවෙයිද? දෙවියොත් සල්ලිවලට ගන්නද හදන්නෙ? සෞදි අරාබියට සම්බාධක පනවන්න ඕනේ...
එහෙම නම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට උදව් කල රටවල් වලටත් සම්බාධක පණවන්න එපායැ....
කටාරයේ වැසියනුත්, සෞදි අරාබියේ වැසියනුත් කිතුණු දහම වැළඳගත්තා නම් හොඳයි... මොකද එතකොට ඇමෙරිකාවේ ජනතාවත් සතුටුවෙයි... හා... එහෙම නෙවෙයිද?
මැද පෙරදිග ඌරන් කැකුණ තලන විට බටහිර හබන් කුකුළන්ට නම් රජ මඟුල් කිවිවා. කෝ අපේ මේ මානව හිමිකම්... !!
මෙතන තිබුණු මකුලකාරාම විහාරය කෝ. ඉතිහාසය කවරදාකවත් සදා කල් වලදාන්න බැහැ.
මේක නම් බොරුවක්ද කොහෙද?
ඉස්ලාමිය ආගමේ තියන වැදගත් දෙයක් තමා හැමදෙනාම එක හා සමාන සහෝදරත්වයෙන් සැලකීම. කටාරයේ සිටින්නේ ඉස්ලාම් ආගම අදහන මිනුසුන් නොවේද?
hira, පිස්සුද නැතිනම් හැටිද
දීපාල් ලංකාවේ මොනවද වෙන්නේ කියල හොයල ඉන්න. නිකන් තමුන්ගේ තියන ඊර්ෂ්‍යාව පෙන්වන්නේ නැතුව