කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගත් බවටත්, යුද අපරාධ සිදු කළ බවටත් චෝදනා ලැබ සිටින කොංගෝවේ සන්නද්ධ නායක බොස්කෝ ටගන්ඩා පෙරේදා (18) ඇමෙරිකාවට බාර වූයේය. මධ්‍යම අපි‍්‍රකාවේ පිහිටි කොංගෝ ජනරජයේ වාර්ගික සහ ගෝති‍්‍රක යුද ගැටුම් ඇවිළී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වූයේ 90 දශකයේය. එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් ලක්ෂ ගණනින් ඝාතනය විය. බාස්කෝ ටගන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුද අපරාධ චෝදනා කළේ එම අවස්ථාවේදීය.