
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම අනතුරින් තුවාල ලැබූ නව දෙනා අතරින් තුන්දෙනාකුගේ තත්ත්වය බරපතල බව විදේස් මාධ්‍ය සඳහන් කර ඇත.හෙලිකොප්ටර් යානාවල සුන්බුන් ගෝල්ඩ් කෝස්ට් වෙරළ ආසන්නයේ වැලි තලාවකට වැටි ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
අනතුර සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු දෙකට පමණ බවත් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර හිස් උඩ ගුවනේ ඔහොම හප්පා ගන්නවා නම් මරදාන හන්දියේ ට්‍රැෆික් වෙලාවට මුන්ට වාහනයක් එලවගන්න හම්බවෙන්නේ නැහැ