ඉතා කුඩා ප‍්‍රමාණයේ සැහැල්ලූ ගුවන් යානයක් නියමුවාගේ නොසැලකිල්ල හේතුවෙන් පෙරේදා (1) ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සැණකෙළි භූමියක අටවා තිබූ කතුරු ඔංචිල්ලාවක පැටලූණේය. නියමුවාට අමතරව ගුවන් යානයේ කුඩා දරුවන් දෙදෙනකු සහ තවත් මගියකු සිටි අතර ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සේවා නිලධාරීන්ට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. ගුවන් යානය කතුරු ඔංචිල්ලාවේ පැටලූණු බව සැලවීමත් සමඟ යානයේ සිටි පිරිස බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර පොලිසියේ සහ ඉදිකිරීම් සේවක පිරිසකගේ සහාය ද ඊට ලැබුණි. විනාඩි 90 ක් ගත වෙද්දී දරුවන් දෙදෙනා බේරා ගත් අතර නියමුවා සහ අනෙක් මගියා බේරා ගැනීමට තවත් පැයක පමණ කාලයක් ගත වූ බව ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කළේය. පළමුවෙන් දරුවන් දෙදෙනා බේරා ගන්නා ලෙස යානයේ නියමුවා සහන සේවකයන්ට පවසා ඇති බව ද වාර්තා වේ. ගුවන් යානය අනතුරට පත්වූයේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ දිගටම පැවැත්වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕස්ටේ‍්‍රලියා ගුවන් යානයක් කතුරු ඔංචිල්ලාවක පැටළිලා