
‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේටෝ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සමුළුවකට සහභාගී වෙමිනි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව සහ බටහිර රටවල් එකමුතු වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයකි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී නේටෝවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. රුසියන් යුක්රේන යුද්ධයට හේතුව ද යුක්රේනය රුසියාවේ විරෝධය මැද ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. එසේ දිවුරුම් දීමෙන් පසු තමන් පැය 24ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ‘නේටෝ’ සංවිධානය සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය. ඇමෙරිකාවෙන් ‘නේටෝ’ සංවිධානයට ලබා දෙන මූල්‍ය සහාය පවා කප්පාදු කිරීමට කටයුතු කළේය. යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ‘නේටෝ’ සංවිධානයට අඩු අවධානයක් ලබා දීමට ට්‍රම්ප් සූදානම් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා එකතු වෙලා නේටෝ කියන මඟුල හදාගත්තේම තියෙන යුද මාන්නේ නිසා තමයි. ආයේ ඒක අමුතුවෙන් කියන්න ඕනැ නෑ. සුදුහම තියෙන අය යන්නේ කොහේද එතැන වණයක්...