
‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේටෝ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සමුළුවකට සහභාගී වෙමිනි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව සහ බටහිර රටවල් එකමුතු වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයකි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී නේටෝවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. රුසියන් යුක්රේන යුද්ධයට හේතුව ද යුක්රේනය රුසියාවේ විරෝධය මැද ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. එසේ දිවුරුම් දීමෙන් පසු තමන් පැය 24ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ‘නේටෝ’ සංවිධානය සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය. ඇමෙරිකාවෙන් ‘නේටෝ’ සංවිධානයට ලබා දෙන මූල්‍ය සහාය පවා කප්පාදු කිරීමට කටයුතු කළේය. යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ‘නේටෝ’ සංවිධානයට අඩු අවධානයක් ලබා දීමට ට්‍රම්ප් සූදානම් වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1321
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕනෑම වෙලාවක යුද්ධයකට සූදානමින් ඉන්න ඕනෑ
මංගල Friday, 13 December 2024 04:04 PM
ඔයාලා එකතු වෙලා නේටෝ කියන මඟුල හදාගත්තේම තියෙන යුද මාන්නේ නිසා තමයි. ආයේ ඒක අමුතුවෙන් කියන්න ඕනැ නෑ. සුදුහම තියෙන අය යන්නේ කොහේද එතැන වණයක්...