ඉන්දියාවේ තී‍්‍රපුර ප‍්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත් ‘හයිඩ්‍රොසෙපලස්’ රොගී තත්ත්වයෙන් පීඩා විඳි අතර, පෙරේදා (14) නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක වෛද්‍යවරු ඉදිරිපත් වී ඇය සැත්කමකට භාජන කළහ.
සැත්කම සාර්ථක වූ බව ඊට සම්බන්ධ වූ ස්නායු වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. බිළිඳිය තී‍්‍රපුර ප‍්‍රාන්තයේ සිට නවදිල්ලියට රැගෙන යනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි.
බිළිඳිය ගැනත් ඇගේ දිළිඳු මාපියන් ගැනත් ඉන්දීය මාධ්‍ය ඉකුත් අපේ‍්‍රල් මාසයේදී හෙළි කළ අතර එම අවස්ථාවේදී නවදිල්ලි නුවර පෞද්ගලික රෝහල් රැසක් ඇයට ප‍්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ බව ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේත් මේ අසනීපය තියෙන බබෙක් හිටියා නේද ? එයාටත් ප්‍රතිකාර කරන්න පුළුවන් ඇති මේ විදියට. මේ බබාටත් ඉක්මනට සුවය ලේබෙවා! (ස)
ඔන්න අර දේවාල, මේ දේවාල ඉන්දියාවේ රට පුරාම තියෙනවා. මේ දැරිය සුවපත් කරන්න බලන්න.(නදී)
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙන් ඒ දුට ඉක්මන් සුවය ලැබේවා..! (ස)
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙන් ඒ දුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ වගේ දෙයක් සතෙකුටවත් වෙන්න එපා පව් අසරණ ළමයා.(ස)
අමිතාබ් බච්චන් මහතා( ෆා ) චිත්‍රපටයේ රගපාපු චරිතය හා සමාන දරුවෙක්. එතුමාවත් උදව් කලොත් පිටරටකට හෝ ගිනිහින් සුවකරන්න. (නි)
පුෂ්පා කොතලාවල, ඒ දරුවා මීට මාසෙකට පමණ උඩදී මියගියා. ලංකවේ කිසිම විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ දරුවට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වුණේ නැහැ.මේ දරුවාවට ලැබෙන උපකාර දැක්කම ඒ දරුවාගේ දෙමවුපියෝ කොච්චර දුකවෙනවා ඇතිද අද? (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා..!! (නි)
පුංචි පැටියෝ එයාට ඉක්මන් සුවය ලැබේවා ! (ස)
බුද්ධි ඒ වගේ දේවල් කියන්න එපා .(නදී)
අනේ පෙර කල අකුසල කර්මයක විපාකෛ. මේ හතුරෙකට්වත් මෙවන් විපත් නොවේවා. මහා බුදුගුණ බලයෙන් මේ දරුවා සුවපත් වේවා. දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා.(නදී)
මිනිස් ජීවිතයක් ! දෙවශිර්වාදයෙන් ඒ දැරියගේ ශල්‍යකර්මයෙන් නිරෝගීමත් සාමාන්‍ය ජීවිතයක් ලැබේවායි පතමි ! (ස)
ඇයට ඉක්මන් සුවය පතමි. මේවගේ දේවල් විහිළුවට ගන්න එපා බුද්දි.(නදී)
මේ දැරියට සම්පූර්ණ සුවය ඇතිවේවා, ලෝකේ මේ වගේ කිසිදු දරු උපතක් නැවත සිදු නොවේවා.(ස)
අහිංසක පුංචි කෙලි පැටික්කිට ඉක්මන් සුවය පතමි. හොද වෙලාවට ළමයා ප්‍රදර්ශනය නොකර ප‍්‍රතිකාර කළේ. (නි)
කිසිදු දරුවෙකුට මෙවන් දෙයක් සිදු නොවේවා! (නි)
අපේ රටෙත් මේ වගේ දරුවෙක් හිටියා. එයාව අන්තිම මොහොතේ අරගෙන ගිහින් තිබුනු රෝහලින් ඒ දරුවාව බාරගන්න බැහැ කියලා තිබුණා. ඒත් බලන්නකෝ ඉන්දියාවේ මනුස්සකම කොහොමද කියලා. (නි)