
හොදම නළුවා කිලියන් මර්ෆි
ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි.

හොදම නිළිය එමා ස්ටෝන්
96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය.
‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය කළ ඇමෙරිකන් විද්‍යාඥ රොබට් ඕපන්හයිමර්ගේ ජීවිත කතාව ඇසුරින් සිනමාවට නැගුණු සිනමා නිර්මාණයයි.
මෙහි ‘ඔාපන්හයිමර්’ ලෙස චරිත නිරූපණය කළ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.
හොඳම අධ්‍යක්ෂවරයා වූයේ ‘ඔාපන්හයිමර්’ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ය.
‘ඕපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස ජනප්‍රිය නළු රොබට් ඩවුනිං ජූනියර් සම්මානයට පාත්‍ර විය.
හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන එමා ස්ටෝන්ය.
හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ‘ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට්’ නමැති බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයයි.
හොඳම සහාය නිළිය ලෙස සම්මාන දිනුවේ ජෝයි රුන්ඩොල්ෆ්ය. ඒ, ‘ද හෝල්ඩෝර්ස්’ චිත්‍රපටය වෙනුවෙනි.
‘ද බෝයි ඇන්ඞ් ද හෙරන්’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබිය යුතුම සම්මානයක්...!