
දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි.
පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකින් පෘථිවි වායුගෝලයට පිවිසී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ කැප්සියුලයේ ගමන් වේගය අඩාල කරමින් සෙමින් සාගරයට පතිත කිරීම සිදුවූයේ යෝධ පැරැෂූට් ආධාරයෙනි.
ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. කැල්සියුලය යළි භාවිතයට ගැනීම සිදුවෙයි.
‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා ගියත්, සඳට ගොඩබෑවේ නැත. එය සඳුගේ කක්ෂයේ රැඳී සිටිමින් ආපසු පෘථිවිය බලා පැමිණියේය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගියේ ‘ආර්ටිමිස් 1‘ පුහුණු මෙහෙයුම යටතේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් තවමත් සැකයක් තියෙන්නෙ ඇපලෝ 11 මෙහෙයුම ගැන
ඔබ හිතුවාද ඔච්චර ලොකු බොරුවක් මෙච්චර කාලයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඕක එහෙනම් චීනය හෝ රුසියාව බොරුවක් කියලා පෙන්නනවා. අවිශ්වාස කරන්න තරම් දෙයක් එකේ නෑ.