ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා අද ලෝකයේ කවුරුත් දන්නා හඳුනන කෙනෙක් බවට පත්ව ඇතිබව රහසක් නොවේ.
ගිය වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයෙදී තම ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දපොළට ගිය ඔබාමාට සිදුවූ දෙයක් පිළිබඳ වීඩියෝ පටයක් මේ දවස්වල නැවත වතාවක් අන්තර් ජාලයට ඇතුළත් කර ඇත.
මෙය සිදුවුයේ ඔහුගේ ගම් පෙදෙස වන චිකාගෝ නුවරදීය. ඡන්ද මධ්‍යස්ථානයේ කාමරයට මුවපිරි සිනහවකින් යුතුව ඇතුළුවූ ඔබාමා එතන සිටි අයෙකුගෙන් ඡන්දය පාවිච්චිකිරීම පිළිබඳව විමසමින් එතන වැඩකටයුතු භාරව ඉන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.
ඔහු එතන වැඩකටයුතු භාර නිලධාරිනිය ඔබාමාට පෙන්වා සිටි පසු ඔබාමා " ඔව්‘‘ ඔව්‘‘ එයානම් ලොක්කෙක් බව පෙනෙනවා " කියමින් තමන් ගෙනා ඡන්ද ලිපිය මැතිවරණ නිලධාරිනියට ඉදිරිපත් කළේය. ඔහු කවුදැයි ඇය හොඳින්ම හඳුනා ගත් නමුත් ඡන්ද පත්‍රිකාව නිකුත්කිරීමට පෙර ඔබාමාගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස ඇය ඔබාමාට කීවේය. තමාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටීම සම්බන්ධයෙන් උරණ නොවූ බරක් ඔබාමා " හරි හරි කිසි අවුලක් නෑ"කියමින් තමන්ගේ සාක්කුවෙන් හැඳුනුම්පත පිටතටගෙන "ඔකේ තියෙන පින්තුර නම් ටිකක් පරණ ඇති. පෙන්නේ නැද්ද පැසුණ කෙස් ගස් එකක්වත් නැති හැටි" කියමින් පොඩි විහිළුවක්ද කළේය.
මෙම සිදුවීම ඔහුගේ තවත් සට කපට උපායශීලී හපන්කමක් වුවද මෙම සිදුවීම එදා ඇමෙරිකා ජනමාධ්‍යය පුරාම ප්‍රචාරය කැරුණේ බරක් ඔබාමාගේ මනුස්සකම විදහා පෙන්වන හොඳම අවස්තාවක් ලෙසය. එවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට එම සුබවාදී ප්‍රචාරයන් බෙහෙවින් උපකාරී වූබව මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය කළ බොහෝ දෙනා පැවසුහ.
ප්‍රශ්නය එය නොවේ. මෙම පරණ වීඩියෝ පටයක් මෙවෙලාවේ එළියට දැමීමේ හේතුව කුමක්ද කියා විවිධ පැතිවලින් විවිධ හේතුකාරණා සාකච්ඡා කිරීමට පටන්ගෙන ඇත.
මේ සාකච්ඡාවල එක කොනක් කොරියා අර්බුදය වෙතටද හැරවී ඇත.
ලබන සතියේ කොරියා අර්ධද්වීපයයේ ඇවිලීමට ඉඩ ඇති යුදමය වාතාවරණය පිලිබඳ අසුබ ප්‍රචාරයන් පැතිරී යන අවස්තාවක බරක් ඔබාමාගේ මානුෂික පැතිකඩ පෙන්වන වීඩියෝපට අන්තර්ජාලය පුරා නැවත ප්‍රචාරය වන්නේ මොන හේතුවක් නිසාදෝ යයි ප්‍රශ්න කරන අයද සිටිති.
උතුරු කොරියා යුද තර්ජනය නිකම්ම නිකම් පුරසාරමක් බව එංගලන්තය අද පවසා ඇත. එනමුත් ඇමෙරිකාව මේ හරි බරි ගැහෙන්නේ උතුරු කොරියාවේ තර්ජනය විහිළුවක් ලෙස නොසලකා අවශ්‍ය වුවොත් න්‍යෂ්ටික ප්‍රහාරයකට වූවද තමන් සතු සියලු ශක්තිය යොදා ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ බලාපොරොත්තුවෙන් බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා වල දැක්වෙයි.
එවැනි වාතාවරණයක් ඇතිවුවහොත් එහි සම්පුර්ණ වගකීම උතුරුකොරියා පාලක කිම් ජෝන් උන් වෙත පැවරීම ඇමෙරිකාවේ බලාපොරොත්තුවයි.
කොරියා නායකයාගේ කුරිරු බව පෙන්වාදෙන ගමන් ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාගේ උත්තම මානුෂික ස්වභාවය පෙන්වීමට මෙම පරණ වීඩියෝ පටය මෙවෙලාවේ එළියට දැම්මාවත්දෝයි යන කුකුසුද සමහර අය අතර ඇතිබවද වාර්තාවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝර්ක් නගරයේ නගරාධිපති දිනපතාම රාජකාරියට යන්නේ කෝච්චියේ නේද? (නි)
මම නම් හිතන්නේ, ඒ රටවල නිතිය හැම දෙනාටම එකයි.(නදී)
ඒ රටවල නිතිය කාහටත් එකයි කියන දේ තමා ඉන් කියවෙන්නේ ? එත් අපි ? තවනම් කොපමණ කලක් මේවිදියට බයගුල්ලෝ වගේ ජීවත් වෙන්න වේවිද? අපි අසරණයි බුදු හාමුදුරුවනේ !(නදී)
මේක විහිළුවක් නොවේ. ඒ රටවල එහෙම තමා. අපේ රටේ බොරු සෝබන වැඩ විතරයි.(නදී)
මොනවද මේ කතා. අපේ හෙක්ටර් කොබ්බෑකඩුව චන්දය දමන්න ගිය වෙලාවේ ඒකත් දාලා තිබුනලු.(නදී) .
අලුත් තෙල් ඇමති පිළිගන්න ලක්ෂ 100 ගියාලු. ඇමතිලා වෙනස් උන නිසා යාපනේ විදුලි බලගාරේ සමරු පළකෙ වෙනස් කරන්න ලක්ෂ 10 ගියාලු. ඔන්න අපේ වැඩ. (නදී)
අපේ රටේ පක්ෂ විපක්ෂ කවුරුත් ප්‍රදර්ශන වාදෙට හරි ඉහලින් සහය දෙනවා. හැබයි කෝකටත් තයිලේ තම "ජාත්‍යන්තර රණ කුමන්ත්‍රණ".(නදී)
http://www.youtube.com/watch?v=44lUq3Tj0W4 (නි)
ස්වීඩන් වල මන්ත්‍රීලා පාර්ලිමේන්තු යන්නේ බයිසිකලේ.(නදී)
නිහතමාණීකම හැම විටම වටිනවා.(නදී)
ජපානයේ අගමැතිතුමා ඇතුළු සියලු ඉහල නිලදාරීන් ඡන්ද රැස්වීම අමතන්නේ වාහනයේ වහළය උඩ එකම ඡන්ද වේදිකවක ඉදගෙන කියලා කියන්නේ ඇත්තද? (නි)
ලංකාවේ ගොඩක් තියෙන්නේ සෝබන වැඩ. මට මතකයි ඉස්සර පාර්ලිමේන්තුවට පාරේ බස් එකකින් ගිය අය.(නදී)
අනේද කියන්නේ, නිහතමානීකම මනුෂ්‍යත්වය ළගදීම පෙන්නයි කොරියාවට සහ ඉරානයට. අපි ඉතින් මේ මීඩියා ෂෝ වලට රැවටිලා අපිටම බැනගමු. (නදී)
ඇත්තටම අති විශිෂ්ට ක්‍රියාවක්. නමුත් ලංකාවේ ඔයිට වැඩිය හොඳ දේවල් වෙනවා. (නි)
සේරසිංහ, ඇයි මතක නැද්? අපේ මන්ත්‍රීලාත් ගොන් කරත්තේ පාර්ලිමේන්තු ගියේ ටික දවසකට ඉස්සෙල්ලා. (නි)
අපේ රටේ ලොක්කෙක්ගෙන් ඉල්ලුවා නම් ඉල්ලපු කෙනාව හොයාගන්නවත් බැරුව යනවා.(නදී)
මේවට තමයි කියන්නේ ගරිල්ලා මාකටින් කියලා.(නදී)
අපේ ලොක්කන්ට හැදුනුම්පත් තියනවද ? (නදී)
නිහතමානී මනුස්සකම. ඒකයි දෙවැනි වරටත් ජනාධිපති වුනේ. (නදී)
මන් දැකල තියනවා රුසියාවේ පුටීන් කියන මහත්තය තමන්ගේ කාර් එකට තෙල් ගහගෙන එයාම එළවන් ගිය පින්තුර. ටෝනි බ්ලෙයාර් ගේ බිරිදට කෝච්චීයෙ ටිකෙට් ගන්ට අමතක වෙලා එයාම කැමැත්තෙන් ගෙවුවාලු. මේවා මේ උතුම් කියන රටේ නොවුනට ලෝකෙට සාමාන්‍යයි.
ජෝර්දනේ රජතුමා කොහි ගියත් බොහෝ වෙලාවට යන්නේ බයිසිකලේ. බයිසිකලේ නම් හාලි ඩේවිඩ්සන්. නමුත් ඉතින් එහෙ ඒවා ගණන් නෑ. ඉන්දියන් වාහන ගන්නේ අපි විතරනේ.(නදී)
ලංකාවෙ නම් මොනවා වෙයිද? (නි)