සිරියානු රජයට අනුයුක්ත පරිගණක විශේෂඥයන්ගෙන් සැඳුම්ලත් ‘සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව’ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ කටයුතු අවුල් කර ඇතැයි වාර්තාවේ.
සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට නොව, කැරැලිකාර පාර්ශ්වයටය.
ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් පිටු නැරැඹීමට ගිය අයට ඔබාමාගේ විස්තර වෙනුවට දකින්න ලැබී ඇත්තේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝ දසුන් පෙළකි.
කෙසේ නමුත් ට්විටර් සමාගම වෙනුවෙන් එහි ප‍්‍රකාශක ජිම් පෝසර් පවසා ඇත්තේ, ජනපති ඔබාමාගේ ට්විටර් ගිණුම කඩාකප්පල්වී නොමැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා සොයුර,ඔයා ඒ අහිංසකයට සමච්චල් කළා නේද? (නි)
ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් ගිණුම් වලට අධි ආරක්ෂාවක් දාල තිබිලා නැද්ද ? ට්විටර් සහ ෆේස්බුක් සමාගම් ඔක්කොම තියෙන්නේ අමෙරිකවෙනේ. (ස)
අම්මපා! එයාත් ෆේස්බුක් ගිණුමක් පටන් අරගෙන... (නි)
ඒක නේන්නම් විශේෂ ආරක්ෂාවක් දාගෙන තියෙන්න තිබුනේ. වීදුරු ගෙවල් වල ඉඳගෙන අනුන්ට ගල් ගහන්න හොඳ නැති බව ඔබාමා දන්නනේ නෑ වගෙයි... (ස)
ෆේස් බුක් එක කඩා කප්පල් උනාට වෙන දේවල් කඩා කප්පල් වෙලා නෑ නොවැ! (ස)
ඒ පාර අසාද් ධවල මන්දිරයෙන් කෑමක් කන්න හදනවා වගේ? කොහොම හරි කවුරු හරි අසාද්ට විරුද්ධව මොනවා හරි කරාවි. මොකද කරපු පව් වලට වන්දි ගෙවන්න වෙනවනේ. (ස)
අසාද් කුහක ගති ඇති කෙනෙක්. මේ කරන අපරාදවලට එයාට හොදට පලදේවි.(නදී)
අනේ එහෙමද? රුප නෝනා මොනවට අඬනවද? (ස)
මේක දෙවියන්ගේ කැමැත්ත. (ස)