IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔබාමාගේ ආරක්ෂක නිලධාරීහු නොහොබිනා ලෙස හැසිරිලා

ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාට ආරක්ෂාව සපයමින් ඔහු සමඟ පෙරේදා (14) කොලොම්බියාවට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් ආපසු යැවීමට කටයුතු කෙරුණි. එම නිලධාරීන් මත්පැන් පානය කර ගණිකාවන් ඇසුරු කරමින් කලහකාරීව හැසිරුණු බව ද වාර්තා වේ. ජනපති ඔබාමා කොලොම්බියාවට පැමිණියේ ඊයේ (15) ඇරැඹුණු කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහාය. සුපුරුදු පරිදි ජනපති ආරක්ෂක අංශ නිලධාරීහු ද ඔහු සමඟ පැමිණියහ. එම පිරිසට හමුදා අංශවල නිලධාරීන් ද සිටි බව මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් වැඩි දෙනා විවාහකයන් බව ද වාර්තා වේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ හමුදා අංශවල නිලධාරීන් පමණකි. ආරක්ෂක නිලධාරීන් නවානැන් ගෙන සිටියේ මුහුද අසල පිහිටි කැරීබ් නමැති තරු පහේ හෝටලයේය. ඔවුන් අධික ලෙස මත්පැන් පානය කරමින් ගණිකාවන් ඇසුරු කළේ එහිදීය. ඒ ගැන ප‍්‍රසිද්ධියට පත් වූයේ එක් නිලධාරියකු ගණිකාවකට මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කළ නිසාය. දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. අවසානයේදී ජනපති ඔබාමා මැදිහත් වී එම සිද්ධියට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනා ආපසු ඇමෙරිකාවට යැවීමට තීරණය කළේය. එම නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ජනපති ආරක්ෂක අංශය පවසා ඇත.



අදහස් (0)

ඔබාමාගේ ආරක්ෂක නිලධාරීහු නොහොබිනා ලෙස හැසිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site