දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමට සූදානම් වන බැරැක් ඔබාමා, එරට ආරක්ෂක ලේකම් ධුරයට සෙනෙට් සභික චක් හේගල් ද සී.අයි.ඒ. ප‍්‍රධානියා ලෙස ජෝන් බ්‍රෙනන් ද නම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගෙන් පමණක් නොව ඩිමොක‍්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල වී ඇත.
ආරක්ෂක ලේකම් ධුරයට හේගල් සහ සී.අයි.ඒ. සංවිධානයේ ප‍්‍රධානියා ලෙස බ්‍රෙනන් පත් කරන බව ඔබාමා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ පෙරේදා (6) ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදීය.
එම අවස්ථාවට හේගල් සහ බ්‍රෙනන් ද පැමිණ සිිටියහ. රාජ්‍ය ලේකම් ධුරය සඳහා ඔබාමා විසින් නම් කරනු ලැබූ සෙනෙට් සභික ජෝන් කෙරී ද ඊට සහභාගී වූයේය. ජෝන් කෙරී හිටපු ජනපති අපේක්ෂකයෙක් ද වෙයි.
හේගල් සහ බ්‍රෙනන්ට විරෝධය එල්ල වී ඇත්තේ ඔවුන් ගන්නා තීරණ සහ ඔවුන්ගේ කි‍්‍රයා කලාපයන් හේතුවෙනි. බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුමේදී ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අයකු වන්නේ බ්‍රෙනන්ය.
එහෙත් ඔහු ත‍්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට භාවිත කරන ක‍්‍රමවේදයන් ගැන ඇමෙරිකා ජනතාවගේ පවා අප‍්‍රසාදයට හේතු වී ඇතැයි පැවැසෙයි.
ඔබාමා නව ධුර කාලයට සූදානම් වන්නේ ගැටලූ රැසක් පොදි බැඳගෙන යැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම ගැටලූ අතරින් පළමු වන්න රාජ්‍ය ලේකම් ධුරයට සඳහා ඔබාමාට කැමැති පුද්ගලයා පත් කර ගැනීමට නොහැකි වීමය. රාජ්‍ය ලේකම් ධුරයට ඔබාමා නම් කළේ සූසන් රයිස්ය. එහෙත් ඇයට ද ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගෙන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් විරෝධය එල්ල විය.
ඊට හේතුව වූයේ ලිබියාවේ ඇමෙරිකා තානාපතිවරයා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රයිස් කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිවරිය වන්නේ රයිස්ය. ජෝන් කෙරී එම ධුරයට නම් කිරීමට ඔබාමාට සිදුවූයේ ඒ අනුවය.
ඉන්පසු ඔබාමාට මුහුණ දීමට සිදුවූයේ ඔහු ඉදිරිපත් කළ ‘ෆිස්කල් ක්ලිෆ්’ නමින් හැඳින්වෙන බදු ප‍්‍රතිපත්තිවලට රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් එල්ල වූ විරෝධයයි. රිපබ්ලිකන් පාක්ෂිකයන් කියා සිිටියේ ඔබාමාගේ එම බදු ප‍්‍රතිපත්ති සංශෝධනය විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඔබාමා නම් කළ සී.අයි.ඒ. ප‍්‍රධානියාට ආරක්ෂක ලේකම්ට විපක්ෂයේ විරෝධය