ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනකු වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටියදී සොයා ගැනීමට හැකි වීමත් සමඟ එරට ෆෙඩරල් පරීක්ෂණ ආයතනය හෙවත් එෆ්.බී.අයි. ආයතනය ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.
ඇමෙරිකාවේ අපරාධ විසඳීමේත්, අපරාධකරුවන් අල්ලා ගැනීමෙත් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ආරක්ෂක සේවාව ලෙස සැලකෙන්නේ එෆ්.බී.අයි. ආයතනයයි. 

එම දැරියන් අතුරුදන් වූ අවස්ථාවේ ඔවුන් සෙවීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් අපොහොසත් වූ බවට ද එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට දොස් අහන්නට සිදුවී ඇත.

පැහැරගෙන ගොස් වසර 10 ක් තිස්සේ රඳවාගෙන සිටියේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩෙජීසස් සහ මිෂෙල් නයිට්ය. මොවුන් තිදෙනා පැහැර ගෙන ගොස් දුෂණය කළේ යැයි ඒරියල් කස්ත්‍රෝ නමැත්තාට චෝදනා එල්ල වී ඇත. 

ඒරියල් කස්ත්‍රෝගේ සොහොයුරන්ද ඊට හවුල් බව පවසමින් ඔවුන් අත්අඩංගුවට ගැනුණද පසුව මුදාහැරුණි. තරුණියන් තිදෙනා රඳවා ඇත්තේ ක්ලීව්ලන්ඞ්හි පිහිටි කස්ත්‍රෝගේ නිවසේ බිම් මහලේය.