ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනකු වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටියදී සොයා ගැනීමට හැකි වීමත් සමඟ එරට ෆෙඩරල් පරීක්ෂණ ආයතනය හෙවත් එෆ්.බී.අයි. ආයතනය ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.
ඇමෙරිකාවේ අපරාධ විසඳීමේත්, අපරාධකරුවන් අල්ලා ගැනීමෙත් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ආරක්ෂක සේවාව ලෙස සැලකෙන්නේ එෆ්.බී.අයි. ආයතනයයි.
එම දැරියන් අතුරුදන් වූ අවස්ථාවේ ඔවුන් සෙවීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් අපොහොසත් වූ බවට ද එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට දොස් අහන්නට සිදුවී ඇත.
පැහැරගෙන ගොස් වසර 10 ක් තිස්සේ රඳවාගෙන සිටියේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩෙජීසස් සහ මිෂෙල් නයිට්ය. මොවුන් තිදෙනා පැහැර ගෙන ගොස් දුෂණය කළේ යැයි ඒරියල් කස්ත්‍රෝ නමැත්තාට චෝදනා එල්ල වී ඇත.
ඒරියල් කස්ත්‍රෝගේ සොහොයුරන්ද ඊට හවුල් බව පවසමින් ඔවුන් අත්අඩංගුවට ගැනුණද පසුව මුදාහැරුණි. තරුණියන් තිදෙනා රඳවා ඇත්තේ ක්ලීව්ලන්ඞ්හි පිහිටි කස්ත්‍රෝගේ නිවසේ බිම් මහලේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට ඇමෙරිකා ජනතාවගෙන් දොස්
ලසන්ත Monday, 13 May 2013 10:31 AM
මේක මේ දවස් ටිකේම ඇමරිකාවේ ප්‍රධානම ප්‍රවෘත්තිය.එයින් පේනවා මෙවැනි අපරාධ වලට ඇමරිකන් සමාජේ තියන නුහුරු බව.ලංකාවේ පත්තරේක මිනීමැරුමක් දැන් තඹේකට ගණන් ගන්නේ නැහැනේ.මිනිස්සු ඒවා කියවන්නෙත් නැති ගානට සාමන්‍යයකරණේ වෙලා. (නි)