මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළැසුම් කර සිටියේයැයි සැකකෙරන තිදෙනෙකුට එරෙහි නඩු විභාගය එංගලන්තයේදී පැවැත්වුණි. 2011 වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය නිසා සිදුවූ විනාශය තරම්ම විනාශයක් එංගලන්තයටද සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිට ඇතැයි නඩු විභාගයේදී හෙළි විය. ඉර්ෆාන් කාඩි,අෂික් අල,ි ඉර්ෆාන් නසීර් යනතිදෙනාම එංගලන්ත පුරවැසියන් වේ. එංගලන්තයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සංවිධානය හා සබදකම් ඇති කල්ලියක සාමාජිකයින් ලෙස මොවුන් තිදෙනා හදුනාගෙන ඇති බව සදහන්වෙයි. ඔවුනට එල්ල වී ඇති චෝදනා වන්නේ බෝම්බ ප‍්‍රහාර සැළැසුම් කිරීම,තම කල්ලියට නව සාමාජිකයින් බදවා ගැනීම හා අරමුදල් එක්රැුස් කිරීමයි. පාකිස්තානයට විටින් විට ගොස් එම ගමන් වලදී බෝම්බ නිපැදවීමට හා ඒවාට භාවිතා කරනා රසායන ද්‍රව්‍ය පිළිඹද හොද අවබෝධයක් ලබාගෙන ඇති මොවුන් ආගමේ නාමයෙන් යැයි කියමින් තම සැළැස්ම ක‍්‍රියාවට නැංවීමට අවශ්‍ය මුදල් එක්රැස් කර ඇති බවද හෙළිව තිබේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd