IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජාතීන්ගේ සාම සැලැස්ම පිළිගන්න

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්මට අනුව කටයුතු කිරීමට අද (1) මධ්‍යාහ්නය තෙක් කල් ලබා දෙන බවත් එසේ නොකර දිගින් දිගටම සිවිල් වැසියන් ඝාතනය කරන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම තමන් බාර ගන්නා බවත් සිරියා කැරැලිකරුවෝ ඊයේ (31) ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට අනතුරු ඇඟවීය. කැරැුලිකරුවන් මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හූලා නගරයේ සිදුවූ සමූල ඝාතනයේ වගකීම ජනපති අසාද්ගේ රජය පිට පටවමින්ය. හූලා නගරයේ ඉකුත් 25 වැනිදා සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් කුඩා දරුවන්ද ඇතුළු 108 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ඝාතනවල වගකීම සිරියා රජය හෝ ආයුධ සන්නද්ධ කැරැුලිකාර පාර්ශ්වය හෝ බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඝාතන සිදුවූ අවස්ථාවේදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ජර්මනිය එහි වගකීම පැටවූයේ සිරියා රජයේ හමුදාවලටය. එහෙත් රජය පවසන්නේ එය කැරැලිකරුවන් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡු කි‍්‍රයාවක් බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද හදිසි හමුවක් පවත්වමින් කියා සිටියේ සිරියාවට එරෙහි හමුදාමය මැදිහත්වීමක් සිදු කළ යුතු බවය. හූලා නගරයේ සිදුවූ සමූල ඝාතනය සම්බන්ධයෙන්, සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, රජයේ හමුදා ඊට සම්බන්ධදැයි සැකහැර දැනගත යුතු යැයි රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ. හූලා නගරයේ සිදුවූයේ කුමක්දැයි සෙවීමේ පරීක්ෂණ බාර වී ඇත්තේ සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මේජර් ජනරාල් රොබට් මූඞ්ටය. ජනරාල් මූඞ් ප‍්‍රමුඛ සාම නිරීක්ෂකයන් සිරියාවට පැමිණියේ ඉකුත් අපේ‍්‍රල් මාසයේය. ඒ, හිටපු මහ ලේකම් අනන් සිරියා රජයට හඳුන්වා දුන් සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා බැලීමේ අරමුණින්ය. හූලා නගරයේ සමූල ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මේජර් ජනරාල් රොබට් මූඞ්ට පැවැරුවේ පසුගිය 29 වැනිදාය.



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ සාම සැලැස්ම පිළිගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site