ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට කඩා වැදී එහි සැඟවී සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් යැයි බි‍්‍රතාන්‍ය රජය පවසයි.
විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුද රහස් ලොවට හෙළි කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක්ව සිිටින ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් එක්වදෝරයේ දේශපාලන රැුකවරණ ඉල්ලමින් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට ගොස් සැඟවුණේ මීට මාසයකට පමණ පෙරදීය.
ඒ, ස්තී‍්‍ර අපහරණ චෝදනාවලට ලක් වී සිටින ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයෙන් ස්වීඩනයට බාර දිය යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළ අවස්ථාවේදීය.
එල්ල වී ඇති එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ඇසෙන්ජ් පවසන්නේ තමා ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමෙරිකා රජය තමා ඇමෙරිකාවට ගෙන්වා ගනු ඇති බවය.
බි‍්‍රතාන්‍යයේ සිටිද්දී ඇසෙන්ජ් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඇමෙරිකා රජයට හැකියාවක් නොමැත.
තම තානාපති කාර්යාලයට කඩා වදින බවට බි‍්‍රතාන්‍ය රජය කරන තර්ජව හේතුවෙන් මේ වනවිට එක්වදෝරවත් බි‍්‍රතාන්‍යයත් අතර දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.
ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ දීමට එක්වදෝර රජය මෙතෙක් කැමැත්ත පළ කර නැත.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ එහෙම කෙරුවොත් මොකුත් කඩ වෙන්නේ නැද්ද ? ඔය ජාත්‍යන්තර ගිවිසුම් වගේ දේවල්. අපි එහෙම දෙයක් කරනවයි කිවුවා නම් කොහොමට හිටියිද ? (නි)
අසාධාරණ ලෝකයක්. (නි)
ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් බේරා ගැනීමට ඕස්ටේ‍්‍රලියා රජයට උන්නදුවක් නැති පාටකුයි මට නම් පේන්නේ. (නි)
කතාකිරීමේ ඇති නිදහස..!! (නු)
අයියෝ ලංකාවට එන්නකෝ. අපි බලා ගන්නම් ඔක්කොම. හැබැයි ලංකාවේ අපචාර වලට නම් දැඩිම දඩුවම් දෙනවා හොදේ. (නි)
අපේ ගෙදර එන්නකෝ. (නි)