එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගැනීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව, පලස්තීන ජනපති මහුමුද් අබ්බාස්ගෙන් ඉල්ලා සිටී. ඇමෙරිකාව එම ඉල්ලීම කළේ පලස්තීන ජනපතිවරයා යළිත් වරක් සිය රටට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් ඊයේ (29) අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටිද්දීය. ජනපති අබ්බාස් එම අයැදුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීය. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් ද එක්සත් ජාතීන්ගේ සෙසු සාමාජික රටවලින් ද පලස්තීනයට සහාය පළ වී ඇත. සාමාජිකත්වය ලබා ගැනීමට නම් 2/3 ක ඡන්දය හිමි කර ගැනීමට පලස්තීනයට සිදුවේ. පලස්තීනය විරෝධය පළ කරන්නේ ඇමෙරිකාව, ඊශ‍්‍රායලය සහ පලා ඕ රාජ්‍යයයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 කි. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නීත්‍යාණුකූලව පිළිගැනීමට සියලූම සුදුසුකම් සපුරා ඇතැයි සහාය පළ කරන සාමාජික රටවල් එකහෙළා කියා සිටී. කෙසේ නමුත් ඇමෙරිකාව පුනපුනා කියා ඇත්තේ සෙසු රටවල ඡන්දය හිමි වුවත් තමන් තම නිෂේධ බලය යොදා එය පරාජය කරන බවය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් මානව හිමිකම් ගැන කතා කරන අය (ස)
මදු !! ඔබ හරි . එකාදිපතිවාදය නැති කරමු . (ස)