සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත් කළ සාම සැලැස්ම යටතේ සටන් විරාමයක් සිදුවන්නේදැයි සොයා බැලීමට සිරියාවට ගිය එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් පිරිසකට පෙරේදා (18) වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. හොම්ස් නුවරදී එල්ල වූ එම වෙඩි ප‍්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. සාම නිරීක්ෂකයන් පිරිස හොම්ස් නුවරට ගියේ සිරියා හමුදාවේ ආරක්ෂාව යටතේය. එම සිදුවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කරන ලෙස මහ ලේකම් බෑන් කී මූන් සිරියා රජයෙන් සහ කැරැලිකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එම සාම සැලැස්ම සියයට සියයක් සාර්ථක වීමට නම් තවත් මාස කීපයක් ගත වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා තිබේ. තිස් දෙනකුගෙන් සමන්විත එම සාම නිරීක්ෂක කණ්ඩායම ඉකුත් සඳුදා (16) සිරියාවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවකට අනුවය. යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර ඊට රුසියාවේත් චීනයේත් අනුමැතිය ලැබුණි. එම සාම සැලැස්ම ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය මැදිහත් වීමෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොෆී අනන්, සිරියා අර්බුදයට මැදි කළේ විශේෂ නියෝජියකු වශයෙනි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1940										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එ.ජා. සාම නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි ප්රහාරයක්