තම බලය අයුතු ලෙස පාවිච්චි කළ නිසා අගමැති පදවියෙන් ඉවත් වන ලෙස තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා අධිකරණය තායි අගමැතිනි යිං ලුක් සිනවත්‍රාට හා ඇගේ ඇමැතිවරුනට නියෝග කළේය.
ඇගේ ජාතික ආරක්ෂක ප්‍රධානියා නීතී විරෝධී ලෙස මාරු කළ බව ද අධිකරණය කියා සිටී.
‘අගමැතිගෙ තනතුර අවසන්. ඇයට භාරකාර අගමැති ලෙස ක්‍රියා කළ නොහැකියි.‘ යනුවෙන් නඩු තීන්දුවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා, ඔබ රූපවතීට ඉදිරිපත් කළ තර්කයෙන්ම ඔබ පිළිගෙන තිබනවා නේද සත්‍යය? "ඕනෑ තරම් රටවල් ඇති මේ විදියට අධිකරණය පහළින් තබපු.ධනවාදී දීයුණු රටවල් ඇරෙන්න" ඒ කියන්නේ දියුණු රටවල් වල අධිකරණය තියෙන්නේ ඉහළින් කියලනේ. ඔබ නිවැරදියි. කට බොරු කියන්න උත්සාහ කළත් දිව බොරු නොකියන බව ඔබ ඔප්පුකළා. ඔබට තුති! ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී සැමදා ඒකාධිපතිතත්වයේ වැජඹෙන්න හදන පාලකයින් දැනගත යුතුයි ජනතාව, "අද ආශිර්වාද කරන මුඛයෙන්ම හෙට දින ශාප කිරීමටත් හැකි බව". සැමදෙනා, සැමවිට, සැමදාම රැවටීමට කිසිවෙකුටත් නොහැකි බවද මෙම අය අවබෝධ කරගත යුතුය. (නි)
නොදන්නා දේට හොට දන්නා ගිහින් බන්දුල අනාගත්ත නේද? මේවට පිළිතුරු ලියන්න කලින් නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගැන හදාරා ඉන්න. හැම රටක්ම ලංකාව වගේ නැහැ.(නදී)
බන්දුල පෙරේරා මහත්තයට උත්තරයක් ලියන්න හිතුනා. රටක ව්‍යවස්තාදායකය, විදායකය අදිකරණය කියන අංග තුනෙන් තමා රටක් පාලනය වෙන්නෙ. රාජාන්ඩු නොවනා ලෝකේ ඕනම රටක් බන්දුල මහත්තයො අදිකරනය අනික් දෙකට වඩා ඉහලින් තියලා තියෙන්නේ. රටේ නීතිය සාමය සාදාරනය රකින විදිය නිරීක්ශනය කරන්න සහ යුක්තිය පසිදලන්න. මතකද බිල් ක්ලින්ටන් මොනිකා ලෙවෙන්ස්කි නඩුව, පකිස්තාන් විස්තරෙත් හරි කලින් දාල තියෙන. මහත්තයො ජේ ආර් රටට කල හෙනේ නොවන්න අපේ රටෙත් මෙහෙම තමා, එහෙම උනා නම් පාලකයට පාලිතයව තලන්න බැහැ.(නදී)
බන්දුල මහත්තයෝ, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නමට තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් දෙකක්. සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන රට වල අධිකරණය පවතින්නේ ව්‍යවස්ථාදායකයට ඉහලින්. එසේ වන්නේ රටක නිතිය පක්ෂග්‍රහි නොවී සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතු නිසයි. නමුත්,1977 දී අපරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මාරු පහර ලෙස බුද්ධිමත් ජනතාව මේ වන විට තේරුම් ගෙන හමාරයි. මහජන චන්දයෙන් බලය ලබා ගෙන එය අයුතු ලෙස පාවිච්චි කල අගමැතිනියට එරෙහිව තමයි තායිලන්ත අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ. එය අපට විහිළුවක් හෝ අරුමයක් ලෙස පෙනුනත්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටකට එය සාමාන්‍ය සිදුවීමකි. (දී)
ජේ ආර් හරි කිවුවා. ඒකට උත්තරේ ලිවුවෙ. තුන්සීයකට වැඩියි කිවුවෙ යූ එස් ඒ ව්‍යවස්ථාව. (නි)
තායිලන්තයේ අධිකරණය පාලනය කරන්නේ රජු. ඒකයි මේ විදියට වෙන්නේ (නි)
මෙන්න ආදර්ශයට ගන්නවා නම් නියම රටවල් (නි)
මෙහෙම උසාවි තියෙනවා නම් කොච්චර වාසනාවක්ද? (ස)
අනේ අපිටත් මෙහෙම අය ඉන්නවා නම්.... (නි)
අදිකරණයට පමණක් නොවේ ප්‍රන්සයේ මාධ්‍යවේදීන්ට බලය තියනවා ඇමැතිලාගේ විය හියදම් හොයන්ට අයතා සම්බන්ද කන් නීති විරෝදී වැඩ සොයා බලන්ට..ඇමති හොරකන් කරා කියල මාධ්‍යවේදියෙක් ලඟදි ඔප්පු කරලා මේ ලඟදි ගෙදර ඇරියා. (ස)
බන්දුල මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාදිපතිවාදය පටලවන් තියෙන්නේ.(නදී)
අපේ උතුම් රට ගැන සහ එහි උතුම් ක්‍රම සහ විදි ලෝකෙන්ම උසස් යයි පුරාජේරු වයන සහ දෙසපාලක හිවලන්ට නගුට ගහන බත්බැලයෝ රා බීපු මියන් සේ මෙවැනි දේ පහත කරලා කොමෙන්ටු දාල නැත්තේ වරදිමකින්ද කියල මන් මේ බැලුවේ. (ස)
බන්දුල අයියේ, ඔන්න ඔයාට හොඳ උත්තර ටිකක් දීලා තියනවා දනුෂ්ක රාජපක්ෂයි, කුසුම් ,චින්තක යන අයයි. හොද කහට කොප්පයකුත් හකුරු පියනකුත් ළගින් තියාගෙන ව්‍යවස්ථාව කියවලා බලන්න. අපිට වෙච්ච දේ කියලා හිතේවි ඔයාට. ඔයා මෝඩයි බන්දුල අයියේ (නි)
ලංකාවෙත් මෙහෙම උසාවි තියෙනවා නම් කොච්චර වාසනාවක්ද? (නි)
නීතිය අදිකරණයට හිතෙන පරිදි අර්ථ දක්වනවනවා නම් එතන ගැටුළුවක් තියෙනවා. නමුත් යම් ව්‍යවස්ථා උල්ලංඝනයක් ගැන පැහැදිලිව සදහන් වන වගන්ති ඇතිනම් පාලකයන් එයට අනුකූලව ක්‍රියා කලයුතුයි.(නදී)
ලංකාවෙ අපිට නම් මේවා අහනකොට පුදුම හිතෙයි. නමුත් අධිකරණය ස්වාධීන රටවල ඔහොම තමයි කටයුතු කරන්නෙ. පාකිස්ථානෙ අගමැති ගිලානි ගෙදර යැව්වෙත් අධිකරණය විසින්.මේ රට විනිසුරුවන්ට ගල් ගහපු රටක්. (නි)
තුන්සීයකට වැඩියි. ඒත් ඒක වෙනස් කර තියෙන්නෙ 9 වතාවක් පමණයි. අපේ එක 1978 හදලා මේ වෙද්දි 18 වතාවක් වෙනස් කරන්න වෙලා.ඒකෙන් පේනවා නේද තරම? අසීමිත බලතල දීලා හදපු ජනාධිපතිකම මේ රටට ගැළපෙන්නෙ නැහැ. ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් අධිකරණය හෑල්ලුවට ලක් කර නැහැ මේ වගේ. (නි)
ජේ ආර් මහත්තයා කරපු එක හොද වැඩක් තමයි අධ්කරණය ව්‍යස්තාදායකයට යටින් තැබීම..නැත්නම් බලයට පත් වෙන කිසිම රජයකට බලය ගෙනියන්න රටක් පාලනය කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ අධිකරණයට දුව දුව ඉන්නවා ඇරෙන්න. පාලනය ගෙනියන රජයකට යම් බලතල තිබිය යුතුයි තීන්දු තීරණ ගන්න. හොද හෝ නරක වේවා ඒ හැම තීන්දුවක්ම අධිකරණය හමුවේ අර්ථ දක්වල අවසර ගන්න උනොත් රජයක් නෙමෙයි එතන ඉන්නේ වෙලක ඉන්න පඹයෙක්. දන්නා මහාත්තයෙක් පොඩ්ඩක් කියන්නකෝ ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන නිතිය අනුව අධ්කරණයකට රජයක් ගෙදර යවන්න පුලුවන්ද කියලා. කට්ටිය පාකිස්තානේ උදාහරනෙට ගන්නේ පාකිස්තානේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ..ඒකෙ අධිකරණයත් ව්‍යස්තාදායකයත් විධායකයත් තුනම හමුදාව... පිළිගන්න කට්ටිය අකමැති උනත්. හමුදාවේ කැමැත්ත නැත්නම් පැවැත්මක් නැහැ.(නදී)
රටක් ගෙනියන්න අධිකරණයට පුලුවන්නම් අපරාදේ ඡන්ද වලට වියදම් කරන්නේ නේද රූපවතීයෝ. (ස)
මේ තීරුවට බුද්ධිමත් අදහස් ලියා ඇති අය තමයි අඳුරට දෙස් දෙවොල් නොතියා එක පහනක් හරි දල්වන්න උත්සාහ කරන්නේ. (ස)
මේක විහිළුවක්. අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් කියන්නේ දෙකක්.මහජන ඡන්දෙන් බලයට පත් කළ රජයකට රාජ්‍ය ව්‍යවස්ථාව අනුව නීති සීමා පනවන්න අධිකරණයකට පුළුවන් වුණත් මෙහෙම ගෙදර යවන්න අධිකරණයකට පුලුවන් නම් එතන ලොකු වරදක් තියෙනවා.එහෙම නම් ඉතින් ඡන්ද තිය තියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන කැමැත්ත හොයන්න මහන්සි වෙන වෙලේ අධිකරණයටම රට පාලනය කරන්න අවස්ථාව දුන්නම ඉවරයි. (නි)
බන්දුල මහත්තයෝ ? ඉන්දියාවේ කිසිම ප්‍රජාත්‍රන්තවාදයක් නෑ. මුලින්ම ඒක හොයලා බලලා දැන ගන්න. උදාහරණයක් විදියට ඉන්දියාවේ පලවෙනි ව්‍යවස්තා සංශෝධනයෙන් පස්සේ ඒ රටේ ආණ්ඩුව වෙනම ලයිස්තුවක් හැඳුවා. හඳලා කිව්වා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රශ්න කල නොහැකියි කියලා. ඒකට කිවුවේ 9 වැනි උපලෙඛනය කියලා. පටන් ගනිද්දි ඒකේ පනත් 13 ක් තිබුනා. අද වෙද්දි පනත් 254ක් තියෙන්වා. මේ පනත් කිසිම එකක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කල නොහැකියි. එතකොට ඇත්තම කියනවා නම් ඉන්දියාවේ අපේ තරම්වත් ප්‍රජාත්‍රන්තවාදයක් නෑ. අපේ රටේ තියෙනවාද නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කල නොහැකි පනත් ? (නදී)
රුපවති නංගි..මට අවශ්‍ය උත්තරය තමයි චින්තක දීල තියෙන්නේ.ඒ වගේම තවත් වැදගත් දෙයක් සුමිත් කියල තියෙනවා..අපි කව්රුවත් ස්වාධින නැහැ නංගියෝ..හැමෝටම මතයක් තියෙනවා..යම් යම් දේ පිලිබදව බැදීමක් තියෙනවා..අධිකරණයේ ඉන්නෙත් පෘතග්ජන මිනිස්සු..ඉතින් විනිසුරුවරු පක්ෂ ග්‍රාහී නැහැ කියල අපි කොහොමද කියන්නේ.එක විහිළුවක්..එක නිසා තමයි අධිකරණයට උඩින් ව්‍යස්ථාදායකය තියෙන්න ඕන.නැත්නම් වෙන්නේ මහජනයාගේ චන්ද බලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යම් කොටසක් වෙත පාවා දීමක්.ඉන්දියාවත් හරි ..ජේ ආර් මහත්තයත් හරි ..ඕන තරම් රටවල් ඇති මේ විදියට අධිකරණය පහලින් තබපු.ධනවාදී දීයුණු රටවල් ඇරෙන්න.. (දී)
නීතියට විරුද්ධව වැඩ කළොත් රජ්ජුරුවෝ වුණත් ගෙදර (නි)
කවුද දන්නේ තායිලන්තේ අධිකරණෙ දුෂිතද කියල. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් විපක්ෂේ එක්ක එකතුවෙලා ජනතාව පත් කරපු ආණ්ඩුව ගෙදර යවන්න. මොකද මේක අලුත් ආණ්ඩුවක්. ජනතාවද එපා වෙන්න තරම් කාලයකුත් නැහැ. අධිකරණය දෙන තීන්දු 100% හරි වෙන්නේ නැහැ. එහෙමනම් කොල්වින් සිල්වාගේ කාලේ මෝල්ගහ වැරදිකාරයා කියල තීන්දු දෙන්නේ නැහැනේ !!!! (ස)
බන්දුල පෙරේර මහත්තයට උත්තරයක් ලියන්න හිතුනා රටක ව්‍යවස්ථාදායකය විදායකය අධිකරණය කියන අංග තුනෙන් තමා රටක් පාලනය වෙන්නෙ,රාජාන්ඩු නොවනා ලෝකේ ඔනම රටක් බන්දුල මහත්තයො අදිකරනය අනික් දෙකට වවඩා ඉහලින් තියල තියෙන්නෙ රටේ නීතිය සාමය සාදාරනය රකින විදිය නිරීක්ෂනය කරන්න සහ යුක්තිය පසිදලන්න.මතකද බිල් ක්ලින්ටන් මොනිකා ලෙවෙන්ස්කි නඩුව, පකිස්තාන් විස්තරෙත් හරි කලින් දාල තියෙන. මහත්තයො ජේ ආර් රටට කල දේ නොවන්න අපේ රටෙත් මෙහෙම තමා, එහෙම උනා නම් පාලකයට පාලිතයව තලන්න බැහැ (දී)