ජර්මනියේ බර්ලින් නුවර බැංකුවක සුරක්ෂිතාගාරය තෙක් උමගක් හාරා එහිවූ මුදල් සියල්ල පැහැර ගෙන ගොස් ඇතැයි බර්ලින් පොලිසිය කියයි.

සොරුන් සුරක්ෂිතාගාරයට ගිනි තබා ඇති අතර ආරක්ෂක නිළධාරීන් ගින්න නිවාදැමිීමට උත්සාහ දරන අවස්ථාවේ ඔවුන් පළා ගොස් ඇත.

දිගින් අඩි 100 පමණ වන මේ උමගේ මුවවිට පිහිටා තිබී ඇත්තේ අසල තිබූ භූගත රථගාලකය. සොර මුල දින ගණනක් නැතහොත් මාස ගණනක් පුරා මෙම උමග හාරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.