IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උපදින ගමන් බබා දොස්තර ඇඟිල්ල අල්ලයි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචි ඇලිසියා රෝහල් ගත වූයේ සිය තෙවැනි දරු ප්‍රසූතිය සදහාය.
සාමාන්‍ය ආකාරයට බිළිදා මෙලොවට බිහිකිරීම අපහසු වූ හෙයින් වෛද්‍යවරු තීරණය කළේ සිසේරියන් සැත්කමක් ආධාරයෙන් බිළිදා මව් කුසයෙන් පිටතට ගැනීමටය.

සැත්කම කෙරීගෙන යන අතරවාරයේ බිළිදා හදිසියේම වෛද්‍යවරයෙකුගේ ඇගිල්ලක් සිය සිගිති අත්වලින් ග්‍රහණය කර ගත්තේ සියල්ලන් පුදුමයට පත්කරවමිනි.

‘සැත්කම කෙරෙන අයුරු බලාගෙනයි මම සිටියේ.හදිසියේම එක් වෛද්‍යවරයෙකු කෑගැසුවා,ඒයි මෙන්න මෙයා මගේ ඇගිල්ල අල්ලගෙන කියලා,මම වහාම ඒ අවස්ථාවේ ඡායාරූපයක් ගත්තා.මටම පුදුමයි වෙච්ච දේ ගැන‘ යි පවසන්නේ බිලිදාගේ පියා වන රැන්ඩි ය.

මෙය සිදුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.රැන්ඩි විසින් ගැනුනු ඒ දුර්ලභ ගණයේ ඡායාරූපය අන්තර්ජාලයට එක්කෙරුනේ පසුගියදා වන අතර ඊට මේ වන විට අන්තර්ජාලයේ ලොකු ආකර්ශනයක් ලැබී ඇත. .ගැහැණු දරුවෙකු වූ අලූත උපන් බිළිදා සුවෙන් පසුවන බව ඇගේ දෙමව්පියෝ කියති. දැන් ඇගේ වයස සති 11 ක් පමණ වේ.



අදහස් (0)

උපදින ගමන් බබා දොස්තර ඇඟිල්ල අල්ලයි

වසන්ත Sunday, 06 January 2013 08:07 PM

මේ බබා හරිම සංවේදීයි වගේ. ඇය අනාගතයේදී ඉතා කරුණාවන්ත කතක් වේවි. (නි)

:       0       0

ගාමිණි Sunday, 06 January 2013 08:36 PM

අපේ රටේ ළමයෙක් මේක කළා නම් මෙලහකටත් රේසින් කාර් ෆර්මිට් එකක් ලැබිලා තෑග්ගක් විදියට. (නි)

:       0       0

කොතලාවල Friday, 04 January 2013 05:06 PM

උපදිනකොටම අතට අත‍ දීලා නේද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 11:11 AM

දැන් අපේ අයත් ඉපදෙන්න කලින් අතට අත දෙන්න ගනීවි (ස)

:       0       0

හිරූෂා Friday, 04 January 2013 07:20 PM

අනේ අහිංසක කෙලි පොඩිත්තියක්... (නි)

:       0       0

ෂිරාශ් Saturday, 05 January 2013 01:23 PM

පුදුම වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

සුජිත් Saturday, 05 January 2013 11:11 PM

අරුම පුදුම වැඩ (දී)

:       0       0

අමිල කටුනායක. Friday, 04 January 2013 08:51 PM

උපදිනකොටම හොද අතකින් අල්ලලා තියෙන්නේ. (නි)

:       0       0

නිල්මිණි Friday, 04 January 2013 09:32 PM

චණ්ඩි බබෙක්. (නි)

:       0       0

ජයා Friday, 04 January 2013 03:03 PM

කෙල්ල නම් කොලු පැටියෙක් වගේ (ස)

:       0       0

ජනක Friday, 04 January 2013 03:03 PM

ඉපදෙනකොටම චන්ඩියෙක් වගේ (ස)

:       0       0

සදලි Friday, 04 January 2013 03:11 PM

මාර බබෙක්නේ ඒ (දී)

:       0       0

කැලුම් Saturday, 05 January 2013 01:04 AM

ඔය දරුවා ඇමරි කාවේ හොඳ ප්‍රසිද්ධ කාන්තාවක් වේවි (ස)

:       0       0

කුරුවිට Saturday, 05 January 2013 03:33 PM

ඒ බබාගේ මවට උදව් කරනවට තමයි ඒ බබා දොස්තරට සුබ පතලා තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site