(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙත බාර දෙනු ලැබීය.
උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු මහඇමැතිගේ විශ්වාශසභංගයට එරෙහිව පෙත්සම භාර දෙනු ලැබීය.
පෙත්සම භාර දෙනු ලැබූ අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරුන් පිරිස උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙනු ලැබුවේ ඉදිරියට ද උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශවරන් මහතාම අවශ්‍ය බවටයි.
කෙසේ වෙතත් එසේ භාර දුන් පෙත්සමෙහි කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අමුණා නොමැති බවට ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව භාර දුන් විශ්වාශ භංගයට දිවුරුම් ප්‍රකාශ 15 ක් ලබා දී ඇති බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මැදදි මෙහෙම යෝජනා කලාම ආණ්ඩකාරවරයා බාරගන්න බැහැ කිව්ව ඉහල නියෝගයක් අනුව කියලා. ඇයි මේ දෙවිදියක්?
උතුරේ නීතිය වෙනස්, නැත්නම් දකුණේ ජාතිවාදියා කියලා ඤාණසාර හාමුදුරුවන්ට විරුද්ධව යන පිරිස්... උතුරේ කරන වැඩවලට වචනයක්වත් කියනවද?