IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


උතුරු කොරියාවට පහර දෙන්න පසුබට වෙන්නේ නෑ

උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව දකුණු කොරියාවේ නව ජනපතිනී පාක් ග්වෙන් හේ ඊයේ (1) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
දකුණු කොරියාවටත් එරට මිතුරා වන ඇමෙරිකාවටත් පහර දීමට තම මිසයිල ස්ථානගත කර ඇති බව උතුරු කොරියාව අනතුරු ඇඟවූයේ මීට දින කිහිපයකට පෙර සිටිය.
උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම් කළේ පහර දෙන අයුරු ගැන වීඩියෝ දසුන් පෙළක් ද මාධ්‍ය වෙත නිකුත් කරමින්ය.
දකුණු කොරියා ජනපතිනී වැඩි දුරටත් කියා සිටියේ මේ වනවිටත් උතුරෙන් ප‍්‍රහාරයක් ආවොත් ඒ බව කල් තියා දැන ගැනීමට රේඩාර් ස්ථානගත කර ඇති බවත්, උතුරු කොරියාවේ රේඩාර්වලට හසුනොවී පහර දීමට හැකි ප‍්‍රහාරක යානා ඇමෙරිකාවෙන් තමන්ට ලැබී ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ උතුරු කොරියාව යුද්ධයකට පැටලූණහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.
ඇමෙරිකාවට අයත් හවායි දූපතේ හමුදා කඳවුරුවලට පහර දීමේ අරමුණින් තම අවි ආයුධ ස්ථාන ගත කර ඇති බවට උතුරු කොරියාව කරන එම අනතුරු ඇඟවීම් සුළුකොට නොතකන බව ඇමෙරිකාවත් චීනයත් පවසයි.



අදහස් (0)

උතුරු කොරියාවට පහර දෙන්න පසුබට වෙන්නේ නෑ

ගාමිණී Wednesday, 03 April 2013 10:36 PM

මොලයක් නැද්ද අනේ? (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 April 2013 12:06 PM

ලෝක විනාශයක පෙරනිමිති ‍වගෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 03 April 2013 04:55 PM

මේ තීරණය ඒ තරම් හොද ක්‍රියාවක් නොවේ. ලෝක යුද්දෙකට පෙරලුනොත් මිහිපිට උන ලොකුම විනාශය වෙන්නේ .උතුරු කොරියාව පොඩි කොල්ලෙක් හිතට අරන් කරන ගොන් කමක්.(නදී)

:       0       0

සුරංග Sunday, 07 April 2013 08:46 AM

මේ ජනාධිපති ගොඩක් නීතියට බර කෙනෙක්, මෙහෙ අයටත් නීති දානවා, ඒක නිසා යුද්ධයක් උනොත් ගොඩක් දරුනු වෙවී.(නදී)

:       0       0

සදුන් Wednesday, 03 April 2013 02:53 PM

ලෝක යුද්දයක් ඇතිවෙන්නත් බොහෝ කාලයක් යන එකක් නැහැ (දී)

:       0       0

රත්නායක Wednesday, 03 April 2013 10:52 AM

යුද්ධ නොකර කතා බහ කරලා විසදා ගන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site