IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරු කොරියාවට නව අගමැතිවරයෙක්

ඇමෙරිකාවත් දකුණු කොරියාවත් සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටින උතුරු කොරියා රජය පෙරේදා (2)  නව අගමැතිවරයකු පත් කර ගත්තේය.
අගමැති ධුරයට පත් වූයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවාදියකු ලෙස ප‍්‍රකට 74 හැවිරිදි පක් ජොන් වූ ය. ඔහු මීට පෙර ද උතුරු කොරියාවේ අගමැති ධුරය හොබවා ඇත.
ඒ, වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ පියා කිම් ජොං ඉල්ගේ පාලන සමයේදීය.
එහෙත් ජොන් වූ, අගමැති ධුරයෙන් නෙරපා හැරීමට කිම් ජොං ඉල් කටයුතු කළේය. ඒ, වූ ගේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට කිම් ජොං ඉල්ගේ අප‍්‍රසාදය පළ වීම නිසාය.
උතුරු කොරියාව ඔවුන් සතු ප‍්‍රහාරක අවි යුද්ධයකට සූදානම් අයුරින් ස්ථානගත කර ඇති බවත් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දීමට හැකි බවත් නිවේදනය කළේ මීට සති කිහිපයකට පෙරය. එම තර්ජන පසුගිය දින කිහිපය පුරාවට අලූත් විය.
අනතුරු ඇඟවීම් කරමින් උතුරු කොරියා මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරුවලට පහරදීමට තම හමුදාව සූදානමින් සිටින බවය.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව මෙසේ අනතුරු ඇඟවූයේ දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අස්සන් තැබීමෙන් පසුවය.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පසුබට වන්නේ නැතැයි දකුණු කොරියාවේ නව ජනපතිනී පාක් ග්වෙන් හේ පමණක් නොව ඇමෙරිකා රජය ද පවසා ඇත. දකුණු කොරියාව පවසන්නේ පළමු ප‍්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වනු ඇතැයි කියාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ උතුරු කොරියාව යුද්ධයකට පැටලූණහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.

 

නව අගමැතිවරයා

 



අදහස් (0)

උතුරු කොරියාවට නව අගමැතිවරයෙක්

උදය Thursday, 04 April 2013 09:39 PM

කොහොම වුනත් ඇමරිකාවට ගහනවා කියලා මුලින්ම කියපු පළයෙනියා මෙයා.(නදී)

:       0       0

ටිරෝන් Thursday, 04 April 2013 09:12 AM

දකුණු කොරියාවෙ අයනම් ඔයගැන කතාවත් කරන්නැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site