ඇමෙරිකාවත් දකුණු කොරියාවත් සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටින උතුරු කොරියා රජය පෙරේදා (2) නව අගමැතිවරයකු පත් කර ගත්තේය.
අගමැති ධුරයට පත් වූයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවාදියකු ලෙස ප‍්‍රකට 74 හැවිරිදි පක් ජොන් වූ ය. ඔහු මීට පෙර ද උතුරු කොරියාවේ අගමැති ධුරය හොබවා ඇත.
ඒ, වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ පියා කිම් ජොං ඉල්ගේ පාලන සමයේදීය.
එහෙත් ජොන් වූ, අගමැති ධුරයෙන් නෙරපා හැරීමට කිම් ජොං ඉල් කටයුතු කළේය. ඒ, වූ ගේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට කිම් ජොං ඉල්ගේ අප‍්‍රසාදය පළ වීම නිසාය.
උතුරු කොරියාව ඔවුන් සතු ප‍්‍රහාරක අවි යුද්ධයකට සූදානම් අයුරින් ස්ථානගත කර ඇති බවත් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දීමට හැකි බවත් නිවේදනය කළේ මීට සති කිහිපයකට පෙරය. එම තර්ජන පසුගිය දින කිහිපය පුරාවට අලූත් විය.
අනතුරු ඇඟවීම් කරමින් උතුරු කොරියා මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරුවලට පහරදීමට තම හමුදාව සූදානමින් සිටින බවය.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව මෙසේ අනතුරු ඇඟවූයේ දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අස්සන් තැබීමෙන් පසුවය.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පසුබට වන්නේ නැතැයි දකුණු කොරියාවේ නව ජනපතිනී පාක් ග්වෙන් හේ පමණක් නොව ඇමෙරිකා රජය ද පවසා ඇත. දකුණු කොරියාව පවසන්නේ පළමු ප‍්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වනු ඇතැයි කියාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ උතුරු කොරියාව යුද්ධයකට පැටලූණහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.
|
නව අගමැතිවරයා |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් ඇමරිකාවට ගහනවා කියලා මුලින්ම කියපු පළයෙනියා මෙයා.(නදී)
දකුණු කොරියාවෙ අයනම් ඔයගැන කතාවත් කරන්නැ.(නදී)