දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බවත් එය ඔවුන්ට විශාල අවාසියක් වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
කෙරී මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ‘ජී8’ සමුළුවට සහභාගී වෙමිනි. ජී8 සමුළුවට ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ, ජපානයේ, කැනඩාවේ සහ රුසියාවේ විදේශ ඇමැතිවරු සහභාගී වෙති.
මෙවර ‘ජී8’ සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ සිරියාවේ අර්බුදය සහ කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම වෙතටය. උතුරු කොරියාව දකුණු කොරියාවට සහ දකුණු කොරියාවේ මිතුරා වන ඇමෙරිකාවට මිසයිල ප්රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් කළේ දකුණු කොරියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත් වීමට සැරැසුණු නිසාය.
මේ අතර උතුරු කොරියාව පෙරේදා (10) තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වූ අවස්ථාවේදී දකුණු කොරියාව සහ ජපානය කියා සිටියේ එය ‘සැබෑ තර්ජනයක්’ ලෙස සලකා තම හමුදා සීරුවෙන් තැබීමට කටයුතු කළ බවය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බව ද ඇමෙරිකාවේ සහාය හිමි වන බව දකුණු කොරියාව පවසයි. එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට පිලිපීනය, ජපානය ආදී ඇමෙරිකාවේ මිතුරු රටවල් රැසක් සූදානමින් සිටී.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද (12) දකුණු කොරියාවට පැමිණීමට නියමිතය. හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඔහු දකුණු කොරියානු රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව රතු ඉර පෙන්නල නැද්ද?(නදී)
මුළු ආසියාතික ප්‍රබල රටවල් ටික එක කතාවක ඉන්නවා නම් ඇමරිකාවට කරන්න දෙයක් නැහැ. (නි)