දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව ඊයේ (8) යළිත් වරක් යුද අභයාසයක් පැවැත් වීය.
උතුරු කොරියාව පවසා ඇත්තේ තම අසල් වැසි දකුණු කොරියාවත් ඇමෙරිකාවත් සමඟ ඕනෑම මොහොතක යුද්ධයකට පැටැළීමට තමා සූදානම් බවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්ය.
|
උතුරු කොරියානු නායක කිම් ජොං උන් යුද පුහුණුවට එක්වී... |
උතුරු කොරියාව දකුණු කොරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් එය ‘උඩ බලා කෙළ ගසා ගැනීමක්’ යැයි ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට ඇමෙරිකාවේ මිතුරු රටවල් රැුසක් සූදානමින් සිටී.
ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම මිසයිලයකට උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට තම මිසයිල පද්ධතියට හැකි බවය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බවත් ඇමෙරිකාවේ සහාය හිමි වන බව දකුණු කොරියාව පවසා ඇත.
උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කරයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදී දෙවැනි ලෝක යුද්ධයේ අවසන් අදියරේදීය.
එහිදී දකුණු කොරියාවට එක්සත් ජාතීන්ගෙන් සහාය හිමිවිය. උතුරු කොරියාවට චීනයේත් සෝවියට් සමූහාණ්ඩුවේත් සහාය හිමිවිය. එම යුද්ධයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ උතුරු සහ දකුණු වශයෙන් කොරියානුවන් බෙදී වෙන් වී විරසක වීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාව තමන්ටම වළ කපා කපා ගන්නවා.. (ස)
කොහොම හරි කමක් නැහැ ඇමරිකාවට කුඩු වෙන්න දුන්න නම් මුළු ලෝකෙම කොටවනවට. (ස)
කට්ටියම ඇමෙරිකාවට බැන්නට මේ මොහොතේ දකුණු කොරියාවේ ඉන්න දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රැකෙන්නේ ඇමෙරිකාවේ යුධ බලයෙන් බව ලංකාවේ අයට අමතක වෙලා. අපි ඉන්නේ මර බයෙන් මේ පිස්සු කොලු ගැටය කොලුකමට ගල් ගහන්න ගිහින් මහා ලේ වැගිරීමක් කරයි කියල. වදුරට දැලි පිහිය අහුවෙලවගේ මෙයා හිතන්නේ යුද්ධ ටිකක් හදාගත්තාම ලෝකෙටම ගහන්න පුළුවන් බවයි. ඇමෙරිකාව නැත්නම් මෙලහකටත් දකුණු කොරියාවට මෙයා ගහල, ලංකික අපේ ගලවුම් කරුවා මෙවර ඇමෙරිකාවයි. ප්‍රශ්නේ මෙහිදී අපි ජාතියක් වශයෙන් ගන්නේ ඇමෙරිකන් විරෝදී ජනප්‍රිය සාධකයද නැත්නම් දහස් ගණන් ලාංකිකයන් රැකෙන යුද උන්මත්තක පිස්සට විරුද්ධ වීමද යන්නයි. උතුරු කොරියාව මහා දුප්පත් රටක්, මිනිස්සුන්ට කන්න නැහැ, පුද්ගල අදායම ලාංකිකයෙකුට වඩා පස් ගුණයක් අඩුයි, ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ඉන්නේ. චීනෙන් කාල ඉන්නේ, හැබැයි අන්තිම සතෙත් වියදම් කරලා හතරවැනි විශාලම හමුදාව නඩත්තු කරනවා, ඒ මදිවට කිසිම පුරුද්දක් නැති පිස්සු කොල්ලෙක් එය පාලනය කරනවා. (නදී)
මෙය තෙවන ලෝක යුද්දයක ආරම්භය නොවේවා.(නදී)
දම් වගේ බුද්ධිමත් අයත් ඉන්න එක රටට වාසනාවක්. (නි)
ලෝක සාමය උදා වෙන්නනන් ඇමරිකාව කුඩු පට්ටන් වෙන්න ඕනෙ.(නදී)
උතුරු කොරියාවට පිස්සු .(නදී)
මේ ප්‍රශ්නයට මුල් හේතුව ඇමෙරිකාවයි දකුණු කොරියාවයි ලගකදී නව ආරක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලනිසයි. (ස)
සුගත් ඔයා ඒකෙන් අදහස් කරන්නේ ඇමෙරිකාව හරි කියලද ? මුතුකුඩ කියන දේත් ඇත්තක් තියෙනවා.. (ස)
සුගත් ඔයා ඒකෙන් අදහස් කරන්නේ ඇමෙරිකාව හරි කියලද ? මුතුකුඩ කියන දේත් ඇත්තක් තියෙනවා..(ස)
ඔහෙලා අභ්‍යාස කරයි . අන්තිමට යුද්ධෙකුත් එයි. අපේ රට වගේ ඔලුව උස්සන්න හදන රටවලට තමයි විඳවන්න වෙන්නේ.(නදී)
ද සිල්වා, එහෙම කියන්න එපා. උතුරු කොරියානු මේ තරුණයාට අරමුණක් තිබෙනවා. අරමුණක් තිබුනොත් තමයි පෙරමුණක් ගන්න පුලුවන් බව මේ කෙනා හොදින් දන්නවා. (නි)
මොනවා වුනත් උතුරු කොරියාව මුස්ලිම් රටවලට වැඩිය වෙනස් පාඩමක් ඇමරිකාවට දෙනවා. (ස)
ඔයාලටත් ග්‍රීන් කාඩ් එකක් හම්බ වුණොත් හෙට එහාට යන්නෙ නැද්ද? (නි)
මේ කොල්ලට පිස්සු , යුද්ධයක් ඇති උනොත් දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයන් අනතුරට පත්වෙනවා. රටට මාස් පතා ලැබෙන ඩොලර් මිලියන කිහිපයක අදායමත් නැති වෙනවා. ජීවිත දහස් ගණනක් විනාෂ වේවි. මගේ ප්‍රාර්ථනාව යුද්ධයක් ඇති නොවේවා! මේ පිස්සා කරන බහු බූත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නතර කරමු.(නදී)
මුතුකුඩ කියන අරමුණ මිනී මරන එකද? පෙරමුණ ගන්නේ මිනී මරන්නද? න්‍යෂ්ටික යුද්ධයක් කියන්නේ විහිළුවක් නෙමෙයි. (නි)
නිකන් අහිංසකයන් කුපිත කොට අවසානයේ යුධ උන්මත්තකයන් යැයි හංවඩු ගසා ඉක්බිතිව ලෝක ආරක්ෂාවට තර්ජනයකි කියා මරා වනසා ගල් යුගයට අද දැමීම ඇමරිකානු ක්‍රමයයි. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි. (අ)