ප‍්‍රහාර එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියාව දෙසට හරවා තිබූ තම මිසයිල යළි හමුදා කඳවුරු තුළට ගෙන යෑමට උතුරු කොරියාව ඊයේ (7) කටයුතු කිරීමත් සමඟ එරටින් එල්ල වූ යුද තර්ජන නිමාවට පත්විය.
උතුරු කොරියාව, ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කළේ ඉකුත් මාර්තු මස 30 වැනිදා සිටය. ඊට හේතු වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී කොරියානු අර්ධ ද්වීපයේ පැවැත්වීමට සූදානම් වූ මහා පරිමාණයේ යුද අභ්‍යාසයකි.
උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති එම යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඉකුත් 30 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.
‘ෆොල් ඊගල්’ යුද අභ්‍යාසය අවලංගු කළත් මේ වනවිට ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් සබ්මැරීන යොදා ගනිමින් නාවික අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ. ඊට යුද නැව් කීපයක් ද යොදා ගැනෙන බව දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ලවූවා නම් එය තෙවැනි ලෝක යුද්ධය තෙක්, එසේත් නැතිනම් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යාවි යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ යුද විරෝධී කමිටුව කියා ඇත්තේ දකුණු කොරියාවේ මිතුරකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව, උතුරු කොරියාව ‘අවුස්සන’ බවත් එහි අරමුණ උතුරු කොරියානු රජය පෙරැළීම බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි. (නි)
බය නැහැ කිව්වට බයයි වගේ නේද? (නි)
ඒක ගොඩක් හොඳ තීරණයක්. (ස)
ඉතාමත් සතුටු ආරංචියක්. (නි)
ඇමරිකාව ආසියාවට ඇඟිලි ගැසීම් නැවැත්විය යුතුයි. (නි)
අපෝ.... (ස)
බුරන බල්ලෝ හපකන්නේ නැතිලු ඇමරිකාවට සුභ පැතුම්. (ස)
ඔබගේ නිර්භීතකමටත් ,එඩිතරභාවයටත් සුභ පැතුම්! දෙවැනි පියවර වශයෙන් උතුර,දකුණ එකමුතු වී ඔබාමාට තර්ජනයක් කළා නම් ලෝක ජයග්‍රහණයක් ! (නි)
රටවල් දෙකම එකතුවී සාමයෙන් සමගියෙන් වැඩ කරගෙන යනවා නම් හොදයි. මෙපමණ ලක්ෂණ ලෝකයක් සුනු විසුනු කරන්නේ නැතුව සාමයෙන් පවත්වාගෙන යන්න . (නි)
යාන්තන් ඇති. මම මේ බයේ හිටියේ අහිංසක ලස්සන කොරියන් කෙල්ලෝ ටික මැරෙයි කියලා. (නි)
ඒ වුණාට ඇමෙරිකාවත් බැරිවුණා මේදා පොටේ... (නි)