IMG-LOGO

උතුරු කොරියාවේ මිසයිල දකුණු කොරියාව දෙසට හරවයි

දකුණු කොරියාවට පහර දෙන බවට තර්ජනය කරමින්, උතුරු කොරියාව ඊයේ (4) ඔවුන් සතු දිගු දුර මිසයිල දකුණු කොරියාව දෙසට හැරවීය.
දකුණු කොරියා ආරක්ෂක ඇමැති කිම් ක්වේන් ජිං කියා සිටියේ උතුරු කොරියාව ඔවුන් සතු ‘කේ.එන්. 8’ වර්ගයේ දිගු දුර මිසයිල දකුණු කොරියාවේ හමුදා කඳවුරු සහ සෝල් අගනුවර ඉලක්ක කර ගනිමින් ස්ථානගත කර ඇති බවය.
උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
මේ අතර ඇමෙරිකාව ඊයේ නිවේදනය කළේ ඔවුන් සතු රේඩාර්වලට හසු නොවී පියාසර කළ හැකි ‘ස්ටෙල්ත්’ ප‍්‍රහාරක යානා කිහිපයක් දකුණු කොරියානු හමුදාවට ලබා දීමට කටයුතු කළ බවය.
උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ දකුණු කොරියාවට පමණක් නොව, ඇමෙරිකාවට ද ප‍්‍රහාරයක් එල්ල කරන බවටය. ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දෙන අයුරු දැක්වෙන් වීඩියෝ දසුන් පෙළක් ද උතුරු කොරියාව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.



අදහස් (0)

උතුරු කොරියාවේ මිසයිල දකුණු කොරියාව දෙසට හරවයි

පද්මා Friday, 05 April 2013 01:36 PM

කෝ ඊනියා ඇමරිකන් විරෝධියෝ? මේකෙන් රස්සා නැති වෙන්නේ අපේ කොල්ලන්ට කියන එකවත් තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 05 April 2013 06:41 PM

සිසිර, මහේෂ්, නොදැන කියවන්න එපා. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2013 12:48 AM

ප්‍රධාන විශබීජය තමයි ඇමෙරිකාව. ඕවට ඇමෙරිකාව සම්පුර්ණයෙන් වග කියන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණි Saturday, 06 April 2013 09:58 AM

ඇමරිකාව වියට්නාමයෙන් ඉගෙන ගත් පාඩම අමතකවෙලා... අලුත් පාඩමක් ඉගෙන ගන්නේ මෙදා පාර උතුරු කොරියාවෙන්... (ස)

:       0       0

සිසිර Friday, 05 April 2013 02:26 PM

උතුරු කොරියාවෙත් දකුණු කොරියාවෙත් ඉන්නේ එකම මිනිසුන්. එකට එකතුවෙලා පහර දෙන්න තියෙන්නේ ඇමෙරිකාවට. (නි)

:       0       0

ජයශාන්ත Friday, 05 April 2013 08:04 PM

යුද්ධයක් එපා.(නදී)

:       0       0

අනුර Friday, 05 April 2013 08:06 PM

යුද්ධයක් එපා.(නදී)

:       0       0

මහේෂ් Friday, 05 April 2013 02:53 PM

සිසිරගේ කතාව හරියටම හරි දාන්න 5 ක් (ස)

:       0       0

නන්දලාල් Friday, 05 April 2013 08:49 PM

කොරියාව කියන රට දෙකඩ කරන්න මුල් වුණේ ඇමරිකාව. කොරියාව එම උගුලට අහු වුණා. එකම ජාතියක් දෙපිලට වෙලා යුද්ධ කරන එක මහා මෝඩකමක් කියලා ඔවුන්ට තේරුනත් දැන් ආපස්සට හැරෙන්න ඉඩක් නැති තත්වයට පත් වෙලා . (නි)

:       0       0

කෙනත් Friday, 05 April 2013 09:46 PM

ඇමෙරිකාවේ ප්‍රහාරක ශක්තිය ගැන නොදැනයි මේ සියදිවි නසා ගැන්මකකට යන්නේ. උතුරු කොරියාවේ ගුවන් බලය ගුවන් යානා 1400යි ඇමෙරිකාවට 18000කට වඩා තිබෙනවා. නාවික ශක්තිය බැලුවත් ලෝකේ ලොකුම නාවික හමුදා 5ක් එකතු කළත් ඇමෙරිකාවට අභියෝග කරන්න අමාරුයි. (නි)

:       0       0

ටෝනි Friday, 05 April 2013 11:45 AM

ඔහොම යමුකෝ. (නි)

:       0       0

රාජු Saturday, 06 April 2013 06:03 PM

ඇමරිකාවට ඕනෑ එයාලගේ වාහන ටික විකුණාගන්න. (නි)

:       0       0

මොහාන් Friday, 05 April 2013 12:58 PM

මේවා දකිද්දී අපිට ඇඩෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 311 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site