දකුණු කොරියාවට පහර දෙන බවට තර්ජනය කරමින්, උතුරු කොරියාව ඊයේ (4) ඔවුන් සතු දිගු දුර මිසයිල දකුණු කොරියාව දෙසට හැරවීය.
දකුණු කොරියා ආරක්ෂක ඇමැති කිම් ක්වේන් ජිං කියා සිටියේ උතුරු කොරියාව ඔවුන් සතු ‘කේ.එන්. 8’ වර්ගයේ දිගු දුර මිසයිල දකුණු කොරියාවේ හමුදා කඳවුරු සහ සෝල් අගනුවර ඉලක්ක කර ගනිමින් ස්ථානගත කර ඇති බවය.
උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
මේ අතර ඇමෙරිකාව ඊයේ නිවේදනය කළේ ඔවුන් සතු රේඩාර්වලට හසු නොවී පියාසර කළ හැකි ‘ස්ටෙල්ත්’ ප‍්‍රහාරක යානා කිහිපයක් දකුණු කොරියානු හමුදාවට ලබා දීමට කටයුතු කළ බවය.
උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ දකුණු කොරියාවට පමණක් නොව, ඇමෙරිකාවට ද ප‍්‍රහාරයක් එල්ල කරන බවටය. ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දෙන අයුරු දැක්වෙන් වීඩියෝ දසුන් පෙළක් ද උතුරු කොරියාව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.