උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න උත්සහ ගන්නේ ඇමෙරිකාව යැයි ඉරාන හමුදාපති මෙෂූඞ් ජසායේරී චෝදනා කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නිරන්තරයෙන් විවේචනය කරමින්, සම්බාධක පනවමින්, තම මිතුරා වන දකුණු කොරියාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාවට කෙණෙහලිිකම් කරන බව ද ඉරාන හමුදාපති වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාව උත්සහ ගන්නේ චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ ආසියා කලාපයේ සිය බලය තහවුරු කර ගැනීමට උතුරු කොරියාව දකුණු කොරියාව සමඟ යුද්ධයකට පටළවා චීනය උතුරු කොරියාවේ සහායට ආ විට චීනයට පහර දීමට ඇමෙරිකාව එම යුද්ධය නිමිත්තක් කර ගනු ඇති බවටත් ඉරාන හමුදාපති ජසායේරී පවසයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදීය.