IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමේ සූදානමක

උතුරු කොරියානු රොකට්ටු වැඩසටහන අසාර්ථක වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් දිගින් දිගටම එල්ල වූ චෝදනාවලට එකටඑක කිරීමක් වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට තමන්් සූදානමින් සිටින බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව න්‍යෂ්ටික අත්හදා බැලීමේ කටයුතු සහ දිගු දුර මිසයිල වැඩ සටහන් අත්හිටුවන බවට ඇමෙරිකාව සමඟ පැවැති ද්වීපාර්ශ්වීය එකඟතාව තව දුරටත් පවත්වා නොගන්නා බව උතුරු කොරියා රජය ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ගිවිසුමෙන් පරිබාහිරව අදාළ පියවර ගැනීමට තමන් සූදානමින් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තම රොකට් වැඩසටහන සම්බන්ධයෙන් දැක්වූ ප‍්‍රතිචාරය ප‍්‍රතික්ෂේප කරන බවද උතුරු කොරියාව කියා සිටී. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළහොත් එහිදී තම යුද ශක්තිය ලොවට විදහා පෑමේ අරමුණින් ප්ලූටෝනියම් භාවිතා කරනු වෙනුවට අධිබලැති යුරේනියම් යොදා ගෙන තම අත්හදා බැලීම් සිදු කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයකු වන සියොං ජූ පැවසීය. මීට වසර 70කට පමණ ඉහතදී හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බය වැනි වූ අධිබලැති බෝම්බ යුරේනියම් යොදා ගෙන නිර්මාණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඉකුත් සතියේදී රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පෙර ඇමෙරිකාව ප‍්‍රකාශ කළේ උතුරු කොරියාව අත්හදා බලන දිගු දුර මිසයිලයට ඇමෙරිකා භූමියට පැමිණීමට හැකියාව ඇති බවය. රොකට්ටුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ එරට කිම් ඉල් සුන් ජනාධිපතිවරයාගේ සියවස් සැමරුමට සමගාමීව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සූදානමින් සිටින බවය.



අදහස් (0)

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමේ සූදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site