IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියා හිටපු නායක යුරේනියම් බෝම්බ හදන්න අණදීලා

යුරේනියම් සහ ප්ලූටෝනියම් යොදා ගනිමින් හැකි තරම් බෝම්බ නිෂ්පදනය කරන්නැයි උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොං ඉල් ඔහුගේ විද්‍යාඥයන්ට අණ දුන් බවට තොරතුරු ඇතුළත් වාර්තා රැුසක් තමන් අතට පත් වී ඇතැයි ජපානය පවසයි. බටහිර ලෝකය සැක කළත්, උතුරු කොරියාව තරයේ කියා සිටින්නේ ඔවුන් යුරේනියම් සහ ප්ලූටෝනියම් එක්රැස් කර ගන්නේ න්‍යෂ්ටික බලය නිපදවා රටේ බලශක්ති අර්බුදයට පිළියම් සෙවීමට බවය. ජපන් රජය අතට පත් වූ එම උතුරු කොරියානු රාජ්‍ය රහස් වාර්තාවලින් පෙනී යන්නේ උතුරු කොරියාව විනාශකාරී අවි ආයුධ නිපදවීමට තැත් කර ඇති බව යැයි ජපන් රජය වැඩි දුරටත් කියා සිටී. දිගු කලක් රෝගීව සිටි කිම් ජොං ඉල් මියගියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. උතුරු කොරියාවේ වත්මන් නායකයා වන්නේ ඔහුගේ පුතු කිම් ජොං උන්ය. මේ වනවිට රටේ න්‍යෂ්ටික වැඩසටහනට නායකත්වය දෙන්නේ ඔහුය.



අදහස් (0)

උතුරු කොරියා හිටපු නායක යුරේනියම් බෝම්බ හදන්න අණදීලා

වීරසූරිය Thursday, 05 July 2012 07:29 PM

ඔහු හරි. ඇමරිකාවට, චීනෙට, ප්‍රංශෙට පුලුවන්නම් ඇයි ඔහුට බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site