ඇමෙරිකාව ද ඇතුළු කලාපීය රටවල් රැසක විරෝධය මැද උතුරු කොරියාව ඉකුත් සිකුරාදා (13) මතභේදයට ලක් වූ ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කළ ද ගුවන් ගත වී මිනිත්තු කීපයකින් එය පුපුරා කැබැලිවලට කැඞී කහ මුහුදට පතිත විය. උතුරු කොරියාව එම රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 100 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි. රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට තමන් සූදානමින් සිටින බව සති කිහිපයක් තිස්සේ උතුරු කොරියාව පැවැසුව ද ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය තරයේ කියා සිටියේ උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලන බවය. තම ගුවන් සීමාවට ඇතුළු වුවහොත් රොකට්ටුව පහරදී බිම හෙළන බවට දකුණු කොරියාවත් ජපානයත් අනතුරු අඟවා තිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රති මිසයිල ආරක්ෂක පද්ධති සකී‍්‍රය කෙරුණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd