ඇමෙරිකාව ද ඇතුළු කලාපීය රටවල් රැසක විරෝධය මැද උතුරු කොරියාව ඉකුත් සිකුරාදා (13) මතභේදයට ලක් වූ ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කළ ද ගුවන් ගත වී මිනිත්තු කීපයකින් එය පුපුරා කැබැලිවලට කැඞී කහ මුහුදට පතිත විය. උතුරු කොරියාව එම රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 100 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි. රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට තමන් සූදානමින් සිටින බව සති කිහිපයක් තිස්සේ උතුරු කොරියාව පැවැසුව ද ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය තරයේ කියා සිටියේ උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලන බවය. තම ගුවන් සීමාවට ඇතුළු වුවහොත් රොකට්ටුව පහරදී බිම හෙළන බවට දකුණු කොරියාවත් ජපානයත් අනතුරු අඟවා තිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රති මිසයිල ආරක්ෂක පද්ධති සකී‍්‍රය කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියා රොකට්ටුව කඩාවැටේ