උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත නවයක ඊයේ (30) සිදුවූ විදුලිය බිඳ වැටීමකින් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත් වූහ.
විදුලිය බිඳ වැටුණේ උතුරු ඉන්දියාවට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් යැයි බලාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.කේ. ජාලින් පැවැසීය. විදුලිය බිඳ වැටුණේ ඊයේ අලූයම 2.40 ටය.
නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප‍්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට විදුලි බලය අහිමි වූ අතර දුම්රිය ගමනාගමන කටයුතුවලට ඉන් බාධා එල්ල විය.
නවදිල්ලි ඇතුළු ප‍්‍රධාන නගරවල මාර්ග සංඥා අක‍්‍රිය වීමෙන් දැඩි රථ වාහන තදබද දකින්න ලැබුණි.
උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන බලාගාර පද්ධතිය නඩත්තු කරන්නේ පවර් සිස්ටම් සමාගමය. ඉන්දියාවේ බිලියන 1.2 ක ජනගහනයෙන් සියයට 28 ක් ජීවත් වන්නේ උතුරුදිග ප‍්‍රාන්තවලය. පවර් සිස්ටම් සමාගම කියා සිටියේ විදුලි බල සැපැයුම යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කළ බවය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත 9 ක විදුලිය ඇනහිටලා
පියල් Wednesday, 01 August 2012 04:17 PM
හොදම වැඩේ. මෙහෙම වෙලා මදි අපිට කරපුවට. (නි)