උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත නවයක ඊයේ (30) සිදුවූ විදුලිය බිඳ වැටීමකින් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත් වූහ.
විදුලිය බිඳ වැටුණේ උතුරු ඉන්දියාවට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් යැයි බලාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.කේ. ජාලින් පැවැසීය. විදුලිය බිඳ වැටුණේ ඊයේ අලූයම 2.40 ටය.
නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප‍්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට විදුලි බලය අහිමි වූ අතර දුම්රිය ගමනාගමන කටයුතුවලට ඉන් බාධා එල්ල විය.
නවදිල්ලි ඇතුළු ප‍්‍රධාන නගරවල මාර්ග සංඥා අක‍්‍රිය වීමෙන් දැඩි රථ වාහන තදබද දකින්න ලැබුණි.
උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන බලාගාර පද්ධතිය නඩත්තු කරන්නේ පවර් සිස්ටම් සමාගමය. ඉන්දියාවේ බිලියන 1.2 ක ජනගහනයෙන් සියයට 28 ක් ජීවත් වන්නේ උතුරුදිග ප‍්‍රාන්තවලය. පවර් සිස්ටම් සමාගම කියා සිටියේ විදුලි බල සැපැයුම යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කළ බවය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ. මෙහෙම වෙලා මදි අපිට කරපුවට. (නි)