IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ‍්‍රායලයට විදිය හැකි බැලැස්ටික මිසයිලයක් ඉරානය අත්හදා බලයි

ඊශ‍්‍රායලයට විදිය හැකි මධ්‍ය දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉරාන විප්ලවීය හමුදාව ඊයේ (3) සමත් විය. ඉරාන හමුදාව ‘ෂහාබ් 3’ නමැති එම මිසයිලය අත්හදා බැලූවේ එරට කාවීර් කාන්තාරයේ ආරම්භ කෙරුණු යුද අභ්‍යාසයක් අතරතුරේදීය. ‘ෂහාබ් 3’ මිසයිලයට කිලෝ මීටර් 2,000 දුර යෑමේ හැකියාව ඇති අතර එයට පහසුවෙන්ම ඊශ‍්‍රායලයේ ඉලක්කවලට ළඟා විය හැක. ඊශ‍්‍රායලය ඇත්තේ ඉරානයේ සිට කිලෝ මීටර් 1,000 ක දුරිනි. ඉරානයේ යුද අභ්‍යාසය  සජීවි ලෙස වාර්තා කළ එරට  ‘අල් අලාම්’ පුවත් සේවය කියා සිටියේ ‘ෂහාබ් 1’ සහ ‘ෂහාබ් 2’ යනුවෙන් කෙටි දුර මිසයිල දෙකක් ද සාර්ථකව අත්හදා බැලූ බවය. එම මිසයිලවලට කිලෝ මීටර් 300 ක් හෝ 500 ක් දුරට යා හැකිය. ඊට අමතරව ඉරාන හමුදාව සහ විද්‍යාඥයන් එක් වී නිර්මාණය කළ නියමුවන් රහිත බෝම්බ හෙළන ඩ්‍රෝන යානා දෙකක් ද අත්හදා බැලූ බව වාර්තා වේ. නියමුවන් රහිත ඩ්‍රෝන යානා තාක්ෂණය ඉරාන හමුදාවට අලූත් දෙයකි.  ඩ්‍රෝන යානා භාවිත කරන්නේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ඔත්තු නිරීක්ෂණයට පමණක් නොව ප‍්‍රහාර සඳහා ද ඩ්‍රෝන යානා යොදා ගනී. පසුගිය වසරේ ඉරාන ගුවන් සීමාවට ඇතුළු වී ඔත්තු බැලූ ඇමෙරිකා ඩ්‍රෝන යානයක් තම පාලනයට නතු කර ගැනීමට ඉරානයට හැකිවිය. එම යානය ආපසු ඉල්ලා සිටිය ද ඇමෙරිකාවට එය දීම ඉරානය ප‍්‍රතික්ෂේප කළේය. ඉරානය දැන් ඔවුන්ගේ ඩ්‍රෝන යානා නිර්මාණය කරන්නේ ඇමෙරිකා යානයේ තාක්ෂණය යොදා ගනිමින් යැයි ඇමෙරිකා රජය සැක කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළකරමින් යුරෝපා රටවල් පනවා තිබූ සම්බාධක ආරම්භ වූයේ ද පෙරේදා (2) සිටය. එම සම්බාධක අනුව යුරෝපා රටවල් ඉරානයෙන් තෙල් ආනයනය නැවැත්වීමට තීරණය කර තිබේ. සෙසු රටවල් සමඟ ඉරානය පවත්වන වෙළෙඳ ගනුදෙනුවලට එම සම්බාධක බාධාවක් වෙයි. ඇමෙරිකාවත්, යුරෝපා රටවලූත් මේ අයුරින් ඉරානයට එරෙහි සම්බාධක පැනැවීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවලංගු කිරීමය. ඉරානය තරයේ ප‍්‍රතික්ෂේප කළත් බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවටය. ඊශ‍්‍රායලය පවසන්නේ සම්බාධක යොදා ඉරානය මට්ටු කළ නොහැකි බවත් ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවත්ය. ලෝකයේ ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය යැයි ද ඊශ‍්‍රායලය චෝදනා කරයි. ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ මිතුරෙකි. ඇමෙරිකාවෙන් ලැබුණු න්‍යෂ්ටික මිසයිලවලින් ඊශ‍්‍රායලය ශක්තිමත්ය. ඉරානයට මිසයිල ප‍්‍රහාරයක් යැවීමට ඊශ‍්‍රායලයට හැකියාව ඇත. කෙසේ නමුත් ඉරානය පවසන්නේ ඊශ‍්‍රායලය මිහිතලයෙන් අතු ගා දැමීමට ඔවුන්ට හැකියාව ඇතැයි කියාය.



අදහස් (0)

ඊශ‍්‍රායලයට විදිය හැකි බැලැස්ටික මිසයිලයක් ඉරානය අත්හදා බලයි

නාලක Thursday, 05 July 2012 08:47 PM

ඉරානය ගැහුවොත් ලෝකෙම ඉවරයි

:       0       0

චන්දන Wednesday, 04 July 2012 02:35 PM

ඊස්‍රායලයට ෂොට් එකක් දෙනනම ඕනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site