IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊශ‍්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයට සිරියාවෙන් ප‍්‍රහාර

සිරියානු හමුදාව, තම පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ ස්ථාන දෙකකට රොකට් ප‍්‍රහාර එල්ල කළ බව ඊශ‍්‍රායලය ඊයේ (7) චෝදනා කළේය.
ගෝලාන් කඳුකරය කලක් සිරියාවට අයත්ව තිබුණි. එය ඊශ‍්‍රායලය අතට පත්වුණේ 1981 වසරේ දී පැවැති සය දින යුද්ධයෙන් පසුවය.
විදෙස් රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කියා සිටින්නේ ඊශ‍්‍රායලය ගෝලාන් කඳුකරයේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීම ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් කියාය.
සිරියාව එම ප‍්‍රහාරය එල්ල කළේ ඉකුත් 4 වැනිදා ඊශ‍්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩමැස්කස් අගනුවර ඇතුළු ස්ථාන කීපයකට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ සිරියා හමුදාව සතු ආයුධ ගබඩා කිහිපයකි. ඊශ‍්‍රායලය පවසන්නේ සිරියා රජයේ මිතුරා වන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ දීමට බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය කටයුතු කරන බවත් එය නැවැත්වීමේ අරමුණින් තමන් සිරියාවේ ආයුධ ගබඩා කීපයකට පහර දුන් බවත්ය.
ඊශ‍්‍රායලය එල්ල කළ එම ප‍්‍රහාරය සිරියාවේ පමණක් නොව චීනයේ ද දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත. ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හෙට (9) චීනයේ සංචාරය කිරීමට නියමිත අතර සිරියා අර්බුදය සම්බන්ධයෙන් චීන ජනපති සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සිරියාවට එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරය සාධාරණීය කරමින් ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ පත්වීම වැළැක්වීමට කටයුතු කිරීමට ඊශ‍්‍රායලයට අයිතියක් ඇති බවය.



අදහස් (0)

ඊශ‍්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයට සිරියාවෙන් ප‍්‍රහාර

දීප්ති Wednesday, 08 May 2013 12:24 PM

ඊශ්‍රායෙල් වලට කිසිම අනතුරක් වෙන්න නම් එපා. අපි අද පවුල් පිටින් හොඳින් කාලා බීලා ඉන්නේ ඊශ්‍රායලේට පින් සිද්ධ වෙන්න. කැත නැතුව අපි ලක්ෂ 2ක කට ආසන්න ගානක පඩියක් ගන්නවා. කී දාහක් මේ රටේ රැකියාව කරනවද ශ්‍රී ලාංකිකයෝ. (නි)

:       0       0

ශෙහාන් Wednesday, 08 May 2013 08:42 PM

ඕකට තරහා ගන්ඩ එපා නසීර්. සෞදියත් හොඳට සලකනවා, එහෙ වැඩ කරන ශ්‍රී ලාංකිකයින්ට (නි)

:       0       0

නිසාර් Wednesday, 08 May 2013 01:41 PM

බදු ගහන තරමක් ගහන්නේ ලංකාවේ රැකියා නැති දුප්පත් මිනිස්සුන්ට. හැමදාම මිල ගණන් ඉහල යනවා. බදු ගහන්නකෝ ඔය පිටරටවල ලක්ෂ ගණන් හම්බ කරන අයට. විදෙස මුදල් වලට සත 05ක් වත් බදු නැහැ. ළමයින්ට කන්ඩ දෙන්න බැරුව පාරේ ළමය්න්ව දාලා යන අයට කන බොන ඔක්කොටම බදු. ඇහුවොත් කියයි විදේශ ආදායම දිරිගන්වන්න කියලා. මේවා ආර්ථික විද්‍යා පොත්වල තියන මනඃකල්පිත න්‍යායන්. (නි)

:       0       0

යමුණා Wednesday, 08 May 2013 09:25 PM

දීප්ති, සහතික ඇත්ත. ලංකාවේ පාරවල් ගානේ ඇමරිකන් හා ඊශ්‍රායල් විරෝධී සටන් පාට කියමින් කෑගහගහා ඇවිදින අයට කන්න දෙන ලෝකේ රජයවල් අතරේ ඊශ්‍රායලේ ඉදිරියෙන්ම ඉන්නවා.ලාංකිකයෝ විදියට අපේ අය ණයගැතියි. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 08 May 2013 11:37 PM

නිසාර්ට ඉරිසියා හිතිලා වගේ. අනුන් හම්බ කරන එකට හූල්ලන්නේ නැතුව අනේ ඔයත් එන්නකෝ ඊශ්‍රායෙල් වලට. සාත්තු සේවක, සේවිකා තනතුරු තියෙනවා ඕනෑ තරම්. (නි)

:       0       0

නිශාන් Wednesday, 08 May 2013 03:54 PM

දීප්ති, ඔයාට යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන දුක නැද්ද? කවදාහරි පරණ පවු කාට කාටත් ගෙවන්න වෙයි (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:33 PM

නිෂාර්, අපි පිටරට වල ඉදලා දුක්විදලා හම්බකරන සල්ලි නිසා තමයි ලංකාවේ මිනිස්සු කොන්ද කෙලින් කරගෙන ඉන්නේ. (නි)

:       0       0

නාලක Wednesday, 08 May 2013 04:44 PM

දීප්ති ඔයා ගැන විතරක් හිතන්න එපා. මමත් ඉන්නේ මෙහෙ. එහෙත් අපි හොද පඩියක් ගන්නවා කියලා මෙයාලට එක නීතියක් නැහැ කිසිම රටකට ගිහින් ගහන්න.ගුටි කාලා නිකන් ඉන්නේ නැහැ කිසිම කෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site