
ඊශ්‍රායල හමුදා මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලකක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ඔවුන් ගොඩබිම් ප්‍රහාරයකට ද සූදානම් බවය.
හිස්බුල්ලා යනු ඉරානයේ සහාය ලබන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමකි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ආයුධ දෙන්නේ සහ අවි පුහුණුව දෙන්නේ ද හිස්බුල්ලාය. හිස්බුල්ලා සංවිධානය පිහිටුවීම කළේ ඉරානයයි.
හිස්බුල්ලා සංවිධානය පසුගිය දා යළිත් වරක් ඊශ්‍රායල ඉලක්කවලට පහර දීම ආරම්භ කළේ, ඊශ්රායලයසහ ඇමෙරිකාව ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බැවිනි.
පසුගිය දෙදිනක කාලයේ ඊශ්‍රායල හමුදා ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ 58,000 ක පිරිසක් අවතැන්ව සිටින බව පැවැසෙයි. ඊට අමතරව, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය ලෙබනන් වැසියන් ගණන 50 ක් යැයි ද පැවැසෙයි.
ලෙබනනයට ගොඩබිම් හමුදා යැවීමට ඊශ්‍රායලය ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය විරෝධය පළ කර ඇත. එසේ නොකරන්නැයි ඔහු ඊශ්‍රායල රජයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලෙබබනය අතීතයේ ප්‍රංශයේ යටත් විජිතයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd