ඊශ‍්‍රායල හමුදා පෙරේදා(17) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ මූලස්ථානය විනාශ වූ අතර පලස්තීනුවෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පලස්තීනයේ සිටින හමාස් සටන්කාමීන් ඊශ‍්‍රායලයට එල්ල කළ රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක් වූ ඊශ‍්‍රායල ගුවන් හමුදා මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. මෙහිදී ඊශ‍්‍රායල ගුවන් හමුදා ප‍්‍රහාර 180කට වැඩි ප‍්‍රමාණයක් එල්ල කර තිබේ. මේ අතර ගාසා තීරයට ගොඩබිම් ආක‍්‍රමණයක් කිරීමට ඊශ‍්‍රායලය සූදානම් වන අතර ඒ සඳහා අමතර හමුදා භටයන් 75,000ක් කැඳවා ඇති බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සහ ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් අතර සටන් ඉකුත් සතියේදී තීරණාත්මක සන්ධිස්ථානයට එළඹියේය. ඒ හමාස් යුද හමුදා ප‍්‍රධානී අහ්මඞ් සයිඞ් කලීල් අල් ජාබරි ඝාතනය කිරීමත් සමඟය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි