මැද පෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ‍්‍රායලයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඊයේ (22) ජෝර්දානයට බලා පැමිණියේය.
ජෝර්දානයේ අම්මාන් නුවරට පැමිණි ජනපති ඔබාමා පිළිගනු ලැබුවේ එරට දෙවැනි අබ්දුල්ලා රජු විසිනි.
මේ අතර සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැකි යැයි මැද පෙරදිග දේශපාලන විචාරකයෝ පවසති.
සිරියාවේ ගැටුම් නිසා දේශසීමා හරහා ජෝර්දානයට පලා ඇවිත් සරණාගත කඳවුරුවල ජීවත් වන සිරියානු වැසියන්ගේ ගණන 4,36,000 කි. එය මේ වසර අවසන් වෙද්දී 7,00,000 තෙක් ඉහළ යාවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
ඊශ‍්‍රායල සංචාරය අතරතුරේ ජනපති ඔබාමා පලස්තීන පාලන ප‍්‍රදේශය වන බටහිර ඉවුරේ ද සංචාරය කළේය. ඊශ‍්‍රායලයේ මිතුරකු වීම නිසා ජනපති ඔබාමාට පලස්තීන වැසියන්ගෙන් විරෝධයක් එල්ල වුවත්, පලස්තීන ජනපති මොහොමඞ් අබ්බාස් ප‍්‍රමුඛ රජය ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා ජෝර්දානයෙන් පසු යන්නේ කොහේටද? ලංකාවටද? (නි)
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැක. බෙහෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් එහි සිදුවේ. හැමෝම ඒ පිළිබ‍්දව අවදිවිය යුතුයි.(නදී)
කාර් බෝම්බයක් යවන්න තිබුනා.(නදී)