IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊශ‍්‍රායල සංචාරයෙන් පසු ජනපති ඔබාමා ජෝර්දානයට

මැද පෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ‍්‍රායලයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඊයේ (22) ජෝර්දානයට බලා පැමිණියේය.
ජෝර්දානයේ අම්මාන් නුවරට පැමිණි ජනපති ඔබාමා පිළිගනු ලැබුවේ එරට දෙවැනි අබ්දුල්ලා රජු විසිනි.
මේ අතර සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැකි යැයි මැද පෙරදිග දේශපාලන විචාරකයෝ පවසති.
සිරියාවේ ගැටුම් නිසා දේශසීමා හරහා ජෝර්දානයට පලා ඇවිත් සරණාගත කඳවුරුවල ජීවත් වන සිරියානු වැසියන්ගේ ගණන 4,36,000 කි. එය මේ වසර අවසන් වෙද්දී 7,00,000 තෙක් ඉහළ යාවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
ඊශ‍්‍රායල සංචාරය අතරතුරේ ජනපති ඔබාමා පලස්තීන පාලන ප‍්‍රදේශය වන බටහිර ඉවුරේ ද සංචාරය කළේය. ඊශ‍්‍රායලයේ මිතුරකු වීම නිසා ජනපති ඔබාමාට පලස්තීන වැසියන්ගෙන් විරෝධයක් එල්ල වුවත්, පලස්තීන ජනපති මොහොමඞ් අබ්බාස් ප‍්‍රමුඛ රජය ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.



අදහස් (0)

ඊශ‍්‍රායල සංචාරයෙන් පසු ජනපති ඔබාමා ජෝර්දානයට

මුතුකුඩ Monday, 25 March 2013 02:00 AM

ඔබාමා ‍ජෝර්දානයෙන් පසු යන්නේ කොහේටද? ලංකාවටද? (නි)

:       0       0

සමීර ලක්ෂමන් Sunday, 24 March 2013 06:10 PM

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැක. බෙහෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් එහි සිදුවේ. හැමෝම ඒ පිළිබ‍්දව අවදිවිය යුතුයි.(නදී)

:       0       0

අනුර Saturday, 23 March 2013 07:36 PM

කාර් බෝම්බයක් යවන්න තිබුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site